නත්තලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

ගව ඔරුවේ කතන්දරය
රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය. - ලූක් 2: 12
ආගමික ලෝකය උඩුයටිකුරු කළ, ජර්මන් ජාතික ප්රතිසංස්කාරක මාර්ටින් ලූතර්, ධෛර්යමත්ව සහ අවුල්ව පටලැවී සිටියේය. ඔහු බලයෙන් යුතුව සත්‍ය කතා කළ ආකරයන් ඔහුගේ පරම්පරාව අපහසුතාවයට පත්විය, එහෙත් ඔහු මහත් ප්රඥාවන්තවද කතා කළේය. පරණගිවිසුමේ ශුද්ධලියවිලි ගැන මෙසේ කීවේය: “මෙහිදී ඔබට දේවදූතයා එඬේරුන්ට පෙන්වූ ක්‍රිස්තුස් වැතිර සිටින ළදරුවන් ඔතන ඇඳුම් සහ ගව ඔරුව සම්බවෙයි, [ලූක් 2:12 බලන්න]. මේ ළදරුවා ඔතන ඇඳුම් චාම් සහ පහත් වුවත් ඒවායේ වැතිර සිටින ක්‍රිස්තුස්, නම් වස්තුව, මිල අධිකය.”
පුදුමය නම් දේවානුභාවයෙන් ලියවුණු පරණ ගිවිසුමේ වචන නොවීමයි - ලූතර්ගේ බැල්ම තදින්ම රැඳි තිබුණේ එතැන එළිදරව් වූ ක්‍රිස්තුස්වහන්සේ මතයි. කතෘ සැලී ලොයිඩ්-ජෝන්ස් කියන ආකාරයට, “ සෑම කතන්දරයක්ම එතුමාගේ නාමය මුමුණයි.”
මෙය පෙනුමෙන් නැවුම් අදහසක් වුනත් සැබවින්ම මළවුන්ගෙන් නැගුටුණු පසුව පළමුව පැවති බයිබල් අධ්‍යයනයේ විෂය වුනේ මෙයයි.
මළවුන්ගෙන් නැගිටුණු දවසේ, යේසුස්වහන්සේ එම්මාවුස්ට යන මාර්ගයේදී ගෝලයන් දෙදෙනා සමග කතා කළසේක. “මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන , සියලු ලියවිලිවල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරාදුන්සේක ” (ලූක් 24:27). බයිබලයේ අපට දී තිබෙන්නේ මොනතරම් පුදුමයක්ද! අලුත් ගිවිසුම නිර්වචනය කරන්නාවූ ගැලවුම්කාරයාණන්ගේ ශුභාරංචියට අවශ්‍ය කරන අත්තිවාරම සහ අමුද්‍රව්‍ය පරණ ගිවිසුමෙන් සපයයි. කාව්‍ය සහ අනාවැකි. නීතිය සහ ඉතිහාසය. ඔවුන්ගේ කාලවල කතන්දර ඔවුන් කීවෝය. එම ශුද්ධලියවිලි සෑම විටම යේසුස්වහන්සේ වෙතට යොමුවිය.
දෙවියන්වහන්සේගේ විශාල කතන්දරය, වන බයිබලය ගැන ඔබගේ අවබෝධය ඔබ මිල කරන්නේ කෙසේද?
එය වැඩියෙන් අවබෝධ කරගැනීමට ඔබට යොදා ගත හැකි සුලු වෙනස්කම් මොනවාද?
දෙවියන්වහන්ස, විශේෂයෙන්ම බයිලයේ එළිදරව් කරන ආකාරයට යේසුස්වහන්සේගේ කතන්දරයට ප්රේමකිරීමේදී සහ අවබෝධ කරගැනීමේදී, මට ඔබගේ ආත්මයේ ප්‍රඥාව සහ මගපෙන්වීම අවශ්‍යයි. මෙම ආශ්චර්යමත් වස්තුව ගැන ඔබට ස්තුතියි.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









