නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

10 න් 6 වන දිනය

අපගේ බලවත් ඉරණම

නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවූසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුලුවන් විය. - ක්‍රියා 2:24

විලියම් ෂේක්ස්පියර්ගේ රෝමියෝ සහ ජූලියට්හි (ඍණාත්මකව කලින් නියම කරන ලද) “තාරකා දෙකක් එකට ගැටුණි” තරහකාර පවුල් දෙකක ප්‍රේමවන්තයන් දෙදෙනෙක් නොවැළැක්විය හැකි ආකාරයට එකිනෙකා වෙත ඇදුණි. නමුත් පළමුව ඔවුන්ගේ ප්‍රේමය සහ එහි රහස් සංනිවේදනය ප්‍රබෝධමත් කරමින් පෙළඹවීමටත් පසුව ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණකාරී ලෙසත් කාරණා සිදුවූ අතර, අවසානයේ ඔවුන්ගේ පවුල්වල අන්‍යෝන්‍ය වෛරය දැරීමට වඩා ඔවුන්ගේ ජීවිතය නැතිකර ගැනීමට තීරණය කිරීමට හේතු විය.

අවසාන දර්ශනයේදී, ‌මේ තරුණ ජීවිත දෙක නැතිවීම සහ අනවශ්‍ය අවසානයක් කරා ඔවුන් තල්ලු කරනු ලැබූ ආරවුල ගැන එස්කැලස් කුමාරයා ශෝකයෙන් වැලපෙයි. “ඔබේ වෛරය මත කොතරම් පීඩාකාරී දඬුවමක් තබා තිබේදැයි බලන්න,” කියා ඔහු පවුල් දෙකට පවසයි. ඛේදජනක ඉරණමකි.

ඉරණම යනු කුමක්ද? යම් ප්‍රතිපලයක්, අවසානයේ තත්ත්වය හෝ සිදුවීමක් ගැන - කෙසේ හෝ එය පෙර නියම කර ඇති බැවින් වැළැක්විය නොහැක - යන හැඟීමකි.

යේසුස්වහන්සේම හැර, වඩාත් නිවැරදිව නිර්වචනය කරන ලද ඉරණමක් සමග මිහිපිට ඇවිද්ද වෙනත් කෙ‌නෙක් නැත. යුදෙව් මංගල්‍යවන පෙන්තකොස්ත දිනයේ, යේසුස්වහන්සේගේ මරණින් උත්ථානය වීමෙන් කෙටි සති කීපයකට පමණක් පසුව සහ උන්වහන්සේගේ ස්වර්ගීය පියාණන් වෙතට ආපසු යාමෙන් දින කීපයකට පසුව, උන්වහන්සේ ගැන පේත්‍රැස් මෙම වචන පවසන ලදී: “මනුෂ්‍යයෙක්වූ එම යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය” (ක්‍රියා 2:23).

“දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම” - මෙම පැහැදිලිව නිර්වචනය කරන ලද ඉරණම නිසා දැනට වටිනාකමක් ඇතිව ජීවත්වීමට සහ සදාකාලය උන්වහන්සේගේ අබියස ගතකිරීමට හැකියාව ලබන පිණිස අපගේ ඉරණම වෙනස් කරවා ඇත. ප්‍රේමයෙන් නිර්වචනය කරන ලද සතුටුදායක ඉරණමකි!

උන්වහන්සේගේ සදාකාල සැලැස්මට දෙවියන්වහන්සේ ඔබව ඇතුලත්කර තිබීම ගැන ඔබ කල්පනාවෙන් බලන විට, ඔබට උන්වහන්සේට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කරන්නේ කෙසේද?
මෙම දැනුම ඔබේ ජීවිතය ගැන තිබෙන අවධානය හැඩගැස්වීමට උපකාර වෙන්නේ කෙසේද?

පියාණෙනි, ඔබ මා ගැන සලකන්නට තරම්, මා කවුද? ඒත් ඔබ එසේ කරනසේක! මගේ ජීවිතය උදෙසා ඔබට තිබෙන සැලසුම්වලට සහ ඔබගේ ප්‍රේමයෙන් මාව නිර්වචනය කිරීම ගැන ස්තුතියි.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/