නත්තලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

ඒ සියල්ල ආරම්භ වූ ස්ථානය
පියාණන්වහන්සේ විසින් පුත්‍රයාණන් ලෝකයාගේ ගැලවුම්කාරයා කොට එවූ බව .. – 1යොහන් 4:14
සමහරවිට ඔබට මෙම නත්තල් ගීතිකාවේ යේසු උපත ගැන ප්රකාශවන පුදුමය ගැන ඔබට සිහිවෙනවා ඇත:
ඔබගේ සිංහාසනය සහ ඔබගේ රාජකීය ඔටුන්න ඔබ අත්හැරියසේක,
එහෙත් මා උදෙසා ඔබ පොළොවට පැමිණි විට;
බෙත්ලෙහෙමේ නිවසේ ඔබේ උපතට
කාමරයක ඉඩක් නැතිවිය. ( ඉංග්‍රීසි ගීතිකාවේ අදහස කෙටියෙන්)
වසර ගණනාවක් පුරා එම පදවල බලය රැඳී පවතී. සත්‍ය නම්, පිලිප්පි 2: අපෝස්තුලු පාවුල් ලියූ ලෙස මෙහි පැමිණීමට පෙර යේසුස්වහන්සේට යම්දෙයක් අත්හැරීමට තිබුණි. “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ . . . දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා” (පද 5-6). මෙම ගීතයේ අත්හැරීම සහ පැමිණීම යන තේමාව යොහන් ශුභාරංචියේ ආරම්භයේදීම දෝංකාර දෙයි. “පටන්ගැන්මෙහිදී වාක්‍යාණෝ සිටිසේක, වාක්‍යාණෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යාණෝ දෙවියන්වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ සමග සිටිසේක” (යොහන් 1:1-2).අපට දැක්වූ ආදරය කොපමණ පූර්ණද කියා දක්වන මිම්ම මෙයයි: අප අපගෙන්ම සහ අපගේ පාපයෙන් ගළවන්නට ඒමට පුත්‍රයාණන් කැමතිවුනා පමණක් නොව, එම සදාකාල අරමුණ සම්පූර්ණ කිරීමට උන්වහන්සේ එවීමට පියාණන්වහන්සේ කැමතිවූසේක. පුදුමාකාර දිව්‍යමය ප්‍රේමය ගැන මීට වඩා කිව හැක්කේ මොනවාද: “පියාණන්වහන්සේ විසින් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූසේක” (1 යොහන් 4:14).
නත්තල “ප්‍රේමයේ කාලය” ලෙස හඳුන්වා තිබේ. එය සත්‍යයි - අප සමරන්නේ යේසුස්වහන්සේගේ ප්‍රේමයයි.
ක්‍රිස්තුස්වහන්සේගේ යටහත් පටන්ගැනීම් තුළින් ඔබට ඉස්මතුව පෙනෙන්නේ මොනවාද?
මේ වසරේ ඔබේ නත්තල් පිළිවෙත්වලට මෙය කෙසේ බලපානු ඇද්ද?
ස්වර්ගීය පියාණෙනි ඔබගේ පුත්‍රයාණන් - අප වෙනුවෙන් මේ ලෝකයට එවූ නිසා ඔබට ස්තුතියි !
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









