නත්තලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

දාසයෙකුගේ සිත
මක්නිසාද සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට දෙන්ටද ආයේයයි කීසේක. - මාර්ක් 10:45
ස්කොට්ලන්තයේ පස් වැනි ජේම්ස් රජු (1512-1542) කාලයෙන් කාලයට සාමාන්‍ය මිනිසෙකු මෙන් අඳින්නට ඔහුගේ රාජකීය වස්ත්‍ර පසෙකින් තැබුවේය. ඔහු එවැනි දෙයක් කරන්නට ඇත්තේ ඇයි? මහජනතාව අතරේ නිදහසේ ඇවිද යාමට හැකිවන පිණිසය. මාළිගාවෙන් පිටත ජීවිතය අවබෝධ කරගැනීම සඳහා ඔහුගේ යටත් වැසියන් සමග කෙටි කාලයක් ජීවත්වීමට ඔහුට අව්‍ශ්‍ය විය. ඔහුගේ තත්ත්වයට ලැබීමට සුදුසු දේට වඩා බොහෝ වෙනස්වූ ලෝකයකට පාතැබීම රජු විසින් හිතාමතාම කළ යටහත්කමේ ක්‍රියාවකි.
නමුත් යේසුස්වහන්සේ ඊට වඩා බොහෝ වැඩි දෙයක් කළසේක. උන්වහන්සේ දෙවියන්වහන්සේගේම රූපාකාරය වුනත්, යේසුස්වහන්සේ මේ ලෝකයට පැමිණ දාසයෙකුගේ ස්වරූපයම ගත්සේක. පාවුල් තුමා ලියුවේ ක්‍රිස්තුස්වහන්සේ“ එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක” (පිලිප්පි 2:7)
උන්වහන්සේගේ දුක්විඳීමේ සහ කුරුසිපත්වීමට පෙර දින රාත්‍රියේ ගෝලයන් සමග පාස්කු ආහාරය ගත් පසුව, යේසුස්වහන්සේ පැහැදිළිවම මෙය අපට පෙන්වූසේක. උන්වහන්සේගේ ගෝලයා වූ යොහන් අපට මෙසේ කියයි. යේසුස්වහන්සේ “රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගලවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක” (යොහන් 13:4). ඉන්පසුව උන්වහන්සේ ගෝලයන්ගේ කිලිටි පාද සේදූසේක.
මෙම යටහත් ක්‍රියාව උන්වහන්සේගේ දූත මෙහෙය ගැන ක්‍රිස්තුස්වහන්සේගේම තක්සේරු කිරීම වලංගු කරයි.
“මක්නිසාද සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට දෙන්ටද ආයේය”- (මාර්ක් 10:45). එසේ නම් උන්වහන්සේගේ ගෝලයන්ගේ පාද සේදීමට උන්වහන්සේ බේසමක් සහ තුවායක් ගත් විට අප මවිත වන්නේ ඇයි? සේවය කරන්නාවූ රජුගේ සිත යේසුස්වහන්සේ අපට පෙන්වූසේක.
ඉතාමත්ම පහත් වැඩවලදී වුවත් අනුන්ට සේවය කිරීමේදී යේසුස්වහන්සේ ගේ පුදුම කරවන ආදර්ශයට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
අද ඔබට වෙනත් කෙනෙකුට සේවය කළ හැක්කේ කෙසේද?
ප්‍රේමනීය ගැළවුම්කරුවාණෙනි, ඔබගේ සේවයේ යටහත් ආදර්ශයෙන් අපි යටහත් කරනු ලැබ සිටින්නෙමු. අද අපගේ ජීවිතයෙන් එය වැඩියෙන් පෙන්වීමට අපට උපකාර වුන මැනව.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









