යෙසායා 9:6-7
යෙසායා 9:6-7 SCV
මන්ද අපට දරුවෙක් උපන්නේ ය. අපට පුතෙක් දෙන ලද්දේ ය. ආණ්ඩුව උන්වහන්සේගේ උර මත වන්නේ ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ: අසිරිමත් උපදේශකයාණෝ ය; පරාක්‍රමවත් දෙවිඳාණෝ ය; සදාතනික පියාණෝ ය; සාමයේ කුමරාණෝ ය යන නාමයෙනි. උන්වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයට හා සාමයට නිමක් නො වන්නේ ය. යුක්තිය හා දමිටුකමින් ස්වකීය රාජ්‍ය පිහිටුවමින් ද එය තහවුරු කරමින් ද එතැන් පටන් සදහටමත් දාවිත්ගේ සිහසුනේ උන්වහන්සේ රජකම් කරන සේක. මෙය ඉටුකරලනු ඇත්තේ, සේනාංකවල ස්වාමින්වහන්සේගේ දැල්වෙන උද්යෝගයයි.
















