ගණන් 36
36
සෙලොෆෙහාද්ගේ දූවරුන්ගේ උරුමය
1යෝසෙප්ගෙන් පැවත එන පෙළපත්වලට අයත් මනස්සේගේ පුත්, මාකීර්ගේ පුත්‍ර ගිලියාද්ගේ පෙළපත් පවුල් ප්‍රධානීහු, මෝසෙස් ද ජන ප්‍රධානීන් ද ඉශ්‍රායෙල් පවුල් ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන් ඇමතූහ. 2ඔවුහු කතා කරමින්, “පස ඇට දැමීමෙන් ඉශ්‍රායෙල් ජනයාට උරුමයක් කොට දේශය බෙදා දෙන මගේ ස්වාමියාට ස්වාමින්වහන්සේ අණ කළ අවස්ථාවේ, අප සහෝදර සෙලොෆෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ස්වාමින්වහන්සේ ඔබට නියෝග කළ සේක. 3ඇතැම් විට වෙනත් ඉශ්‍රායෙල් ගෝත්‍රිකයකු සමඟ ඔවුන් විවාහ විය හැකි ය. එවිට ඔවුන්ගේ උරුමය, අපේ පියවරුන්ගේ පාරම්පරික උරුමයෙන් බැහැර කරනු ලදුව, ඔවුන් විවාහයෙන් බැඳුණු ගෝත්‍රයට සවිවනු ඇත. එවිට අපට වෙන් කර දෙනු ලැබූ උරුමයෙන් කොටසක් අපට අහිමි වෙයි. 4ඉශ්‍රායෙල්වරුන්ගේ ජුබිලි වර්ෂය එළැඹි කල, ඔවුන්ගේ උරුමය විවාහයෙන් ඔවුන් බැඳුණු ගෝත්‍රයට එකතු වී, ඔවුන්ගේ එම දේපළ අපේ පියවරුන්ගේ ගෝත්‍ර උරුමයෙන් ඉවත් කෙරෙනු ඇතැ” යි කීවෝ ය.
5එවිට ස්වාමින්වහන්සේගේ අණ පරිදි, මෝසෙස් ඉශ්‍රායෙල් ජනයාට මෙම නියෝගය දුන්නේ ය: “යෝසෙප් වංශික ගෝත්‍ර ජනයා කියන දේ නිවැරදියි. 6සෙලොෆෙහාද්ගේ දූවරුනට ස්වාමින්වහන්සේ අණ කරන්නේ මෙසේයි: ඔවුන්ගේ පිය පෙළපත් ගෝත්‍රයට අයත් කවරකු හා සමඟ වුව ද, තමනට රිසි පරිදි විවාහ වීමට ඔවුනට පුළුවන. 7ඉශ්‍රායෙල්හි කිසි උරුමයක්, ගෝත්‍රයකින්, ගෝත්‍රයකට යා යුතු නැත. හැම ඉශ්‍රායෙල් ජාතිකයකු ම තම පියවරුන්ගෙන් උරුම වූ ගෝත්‍රික ඉඩ කඩම් තමන් අතර තබා ගනිත්වා. 8හැම ඉශ්‍රායෙල්වරයකුට ම තම පියවරුන්ගේ උරුමය හිමි වන පිණිස, ඉශ්‍රායෙල් ජාතික කවර ගෝත්‍රයකින් වුව ඉඩ කඩම් උරුම වන හැම දියණියක ම විවාහ විය යුත්තේ, ඇගේ පියාගේ ගෝත්‍රයේ පෙළපතක කෙනකු හා සමඟ ය. 9කිසිදු උරුමයක් ගෝත්‍රයකින්, ගෝත්‍රයකට මාරු වී නො යත්වා. මන්ද හැම ඉශ්‍රායෙල් ගෝත්‍රයක් ම ඊට උරුම වන බිම් පෙදෙස තබා ගත යුතු බැවිනි” යනු ඒ නියෝගයයි.
10එබැවින් සෙලොෆෙහාද්ගේ දූවරු, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කළෝ ය. 11මාලා, තිර්සා, හොග්ලා, මිල්කා සහ නොවා යන සෙලොෆෙහාද්ගේ දූවරු තම පියාගේ සහෝදරයන්ගේ පුතුන් සමඟ විවාහ වූහ; 12යෝසෙප්ගේ පුත් මනස්සේගෙන් පැවතෙන පෙළපත ඇතුළත විවාහ වූහ. මෙසේ ඔවුන්ගේ උරුමය ඔවුන්ගේ පිය පෙළපත හා ගෝත්‍රය තුළ ම රැඳිණි.
13යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැනිතලාවේදී මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට දුන් ආඥා හා නීති ඒවා ය.
اکنون انتخاب شده:
ගණන් 36: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.