ගණන් 17

17
ආරොන්ගේ සැරයටිය දළු ලෑම
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල් ජනයාට කතා කොට, ඔවුන්ගේ පාරම්පරික ගෝත්‍ර අනුව එක් එක් ගෝත්‍ර නායකයාගෙන් එක බැගින් සැරයටි දොළසක් ගෙන, ඒ ඒ නායකයාගේ නම ඔහුගේ සැරයටියේ ලියන්න. 3ලෙවීය සැරයටියේ ආරොන්ගේ නම ලියන්න. එක් එක් ගෝත්‍ර නායකයා සඳහා එක් සැරයටිය බැගින් තිබිය යුතු ය. 4හමුවීමේ කූඩාරමේ මා ඔබ මුණගැසෙන ගිවිසුම් කරඬුව ඉදිරියේ ඒවා තබන්න. 5මා තෝරා ගන්නා මිනිසාට අයත් සැරයටිය දළු ලනු ඇත. මෙසේ ඉශ්‍රායෙල් ජනයා ඔබට එරෙහිව නිතර නගන මැසිවිල්ලෙන් මම නිදහස් වන්නෙමි” යි පැවසූ සේක.
6එබැවින් මෝසෙස් ඉශ්‍රායෙල්වරුනට ඒ ගැන කීවේ ය. ඔවුන්ගේ නායකයෝ, එක් එක් ගෝත්‍ර නායකයාට එක බැගින් සැරයටි දොළහක් ඔහුට දුන්නෝ ය. ආරොන්ගේ සැරයටිය ද ඒ අතරේ විය. 7මෝසෙස් ඒ සැරයටි, සාක්ෂි මණ්ඩපයේ ස්වාමින්වහන්සේ ඉදිරිපිට තැබී ය.
8පසු දින මෝසෙස්, සාක්ෂි මණ්ඩපයට ඇතුළු වූ කල, මෙන්න! ලෙවී ගෝත්‍ර වංශයට අදාළ ආරොන්ගේ සැරයටිය දළු ලා පමණක් නො ව, මොට්ටු හටගෙන, මල් පිපී, බාදම්#17:8 බාදම් එනම් ආමන්ඩ් පල ද හටගෙන තිබූ බැව් දුටුවේ ය. 9එවිට මෝසෙස් ඒ සියලු සැරයටි, සියලු ඉශ්‍රායෙල්වරුන් වෙත ස්වාමින්වහන්සේ අබියසින් පිටතට ගෙනාවේ ය. ඔවුහු ඒවා බලා, එකිනෙකා තම තමාගේ සැරයටිය ගත්හ.
10 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කැරලිකරුවනට ලකුණක් වශයෙන් තබන පිණිස, ආරොන්ගේ සැරයටිය ගිවිසුම් කරඬුව ඉදිරියේ ආපසු තබන්න. එසේ කළ යුත්තේ, ඔවුන් නො නසින පිණිස, මට එරෙහිව නගන ඔවුන්ගේ මැසිවිලි නවතිනු පිණිස යැ” යි කී සේක. 11ස්වාමින්වහන්සේ තමාට අණ කළ පරිදි මෝසෙස් කළේ ය.
12එවිට ඉශ්‍රායෙල්වරු මෝසෙස් අමතමින්, “අප මැරේවි! අප විනාශයි: අප හැමෝම ඉවරයි! 13ස්වාමින්වහන්සේගේ මණ්ඩපය අසලට එන කවුරු නමුත් මියෙනු ඇත. අප සැවොම මැරේවිදෝ” යි කීහ.

اکنون انتخاب شده:

ගණන් 17: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید