ගණන් 16:30-32
ගණන් 16:30-32 SCV
එහෙත්, ස්වාමින්වහන්සේ මුළුමනින් ම අමුතු දෙයක් කර, පොළොව එහි මුව විවර කර, ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගතහොත්, එසේ පණ පිටින් ම ඔවුන් ෂෙයෝලයට ඇදී ගියහොත්, මේ මිනිසුන් විසින් ස්වාමින්වහන්සේ සුළු කොට සලකන ලද වග ඔබ දැනගන්නවා ඇතැ” යි කීවේ ය. ඔහු මේ සියල්ල පවසා නිම වනවාත් සමඟ ම, ඔවුන් සිටි තැන යටින් පොළොව පැළිණි. පොළොව තම මුව විවර කර, ඔවුන් ද ඔවුන්ගේ ගෘහ වාසීන් ද කෝරාගේ මිනිසුන් ද ඔවුන් සන්තක සියල්ල ද ගිලගත්තේ ය.


