ලෙවී 8
8
ආරොන් සහ ඔහුගේ පුතුන් පත් කරනු ලැබීම
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ආරොන් හා ඔහුගේ පුතුන් ද සමඟ ඔවුන්ගේ පූජක ඇඳුම් ද ආලේප තෙල් ද පාප පූජාව සඳහා වූ ගවයා ද බැටළුවන් දෙදෙනා ද මුහුන් රහිත රොටි වට්ටිය ද ගෙනෙන්න. 3හමුවීමේ කූඩාරම් දොරකඩට මුළු ජන සමූහයා එක් රැස් කරවන්නැ” යි කී සේක. 4මෝසෙස්, තමාට ස්වාමින්වහන්සේ අණ කළ පරිදි කළේ ය. හමුවීමේ කූඩාරම් දොරකඩට ඉශ්‍රායෙල් ජන සමූහයා එක් රැස් වූහ.
5එවිට ජන සමූහයා ඇමතූ මෝසෙස්, “මම දැන්, ස්වාමින්වහන්සේ කරන්නට අණ කළ දෑ කරන්නෙමි” යි කීවේ ය. 6ඉන්පසු මෝසෙස්, ආරොන් ද ඔහුගේ පුතුන් ද ඉදිරියට කැඳවා, ඔවුන් ජල ස්නානය කරවී ය. 7ඔහු ආරොන්ට දිගු කබාය හඳවා, බඳ පටිය ඉඟ වටා බැඳ, ලෝගුව පළඳවා, ඒපොද් සැට්ටය හැඳවී ය. ඔහු ඒපොද් සැට්ටය, මනාව ගෙතූ එහි ඉඟ පටියෙන් ඔහුගේ ඉඟටියේ බැන්දේ ය. 8ආරොන්ගේ ළය මත, ළය වැස්ම තැබූ මෝසෙස් ඌරීම් හා තුම්මීම්, ළය වැස්මෙහි තැබී ය. 9තවද තලප්පාව ඔහුගේ හිසේ තැබූ මෝසෙස්, තමාට ස්වාමින්වහන්සේ අණ කළ පරිදි ශුද්ධ කිරීටය වන රන් පදක්කම, තලප්පාව ඉදිරි පසින් පිහිටුවී ය.
10මෝසෙස් ඉන්පසු ආලේප තෙල් ගෙන, මණ්ඩපය ද එතුළ වූ සියල්ල ද ආලේප කරමින්, ඒවා කැප කළේ ය. 11ඔහු ආලේප තෙල්, හත් වාරයක් පූජාසනය පිට ඉසිමින්, පූජාසනයත්, එහි සියලු උපකරණත්, පාදම සහිත ජල-බඳුනත් කැප කර, ආලේප කළේ ය. 12ඔහු ආරොන් ද කැප කරමින්, ඔහුගේ හිස මත ආලේප තෙල් වත් කොට, ඔහු ආලේප කළේ ය. 13ඉන්පසු මෝසෙස්, ඔහුට ස්වාමින්වහන්සේ අණ කළ පරිදි, ආරොන්ගේ පුත්‍රයින් ඉදිරියට කැඳවා, ඔවුනට දිගු කබා හඳවා, ඉඟ වටා බඳ පටි බඳවා, ඔවුන්ගේ හිස් මත හිස් වැසුම් ද තැබී ය.
14ඉන්පසු ඔහු පාප පූජාව සඳහා වූ ගවයා පිළිගැන්වී ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද උගේ හිස මත ඔවුන්ගේ අත් තැබූහ. 15මෝසෙස් ගවයා මරා, ලේ ස්වල්පයක් ගෙන, තම ඇඟිල්ලෙන් පූජාසනයේ අං මත ඒවා ගා, පූජාසනය පවිත්‍ර කළේ ය. සෙසු ඉතිරි ලේ ඔහු පූජාසනය පාමුල වත් කළේ ය. මෙසේ ඔහු පාප වන්දි නිවාරණය සලසමින්, පූජාසනය කැප කළේ ය. 16මෝසෙස්, ගවයාගේ අතුණු වටා ඇති මේදය ද අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද වකුගඩු යුගල හා එහි මේදය ද ගෙන, පූජාසනය මත ඒවා දවාලී ය. 17එහෙත් මෝසෙස් තමාට ස්වාමින්වහන්සේ අණ කළ පරිදි, ගවයාගේ හම ද උගේ මස ද උගේ ගොම ද දවා දැමුවේ, කඳවුරෙන් පිටතදී ය.
18ඉන්පසු මෝසෙස් දවන යාග පූජාව සඳහා වූ බැටළුවා පිළිගැන්වී ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද බැටළුවාගේ හිස මත ඔවුන්ගේ අත් තැබූහ. 19එවිට මෝසෙස් බැටළුවා මරා, උගේ ලේ පූජාසනයේ හැම පැත්තක ම ඉස්සේ ය. 20බැටළුවා කපා, කැබලි කළ ඔහු එම කැබලි, උගේ හිස සහ මේදය සමඟ දවාලී ය. 21උගේ අතුණු සහ කකුල් ජලයෙන් සේදූ මෝසෙස්, බැටළුවා මුළුමනින් ම දවන යාග පූජාවක් වශයෙන් පූජාසනය පිට දවාලී ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි එය ස්වාමින්වහන්සේට පිළිගන්වන ලද ගින්නෙන් කරන ලද පූජාවක් වන මිහිරි සුවඳක් ඇති දවන යාග පූජාවකි.
22මෝසෙස් ඉන් අනතුරුව, අනෙක් බැටළුවා එනම් පූජක ආලේපය සඳහා වූ බැටළුවා පිළිගැන්වී ය. ආරොන් හා ඔහුගේ පුත්‍රයෝ උගේ හිස මත ඔවුන්ගේ අත් තැබූහ. 23එවිට මෝසෙස් බැටළුවා මරා, උගේ ලේ ස්වල්පයක් ගෙන, ආරොන්ගේ දකුණු කන් පෙත්තේ හා ඔහුගේ දකුණු මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පා මහ ඇඟිල්ලේ ද ගෑවේ ය. 24මෝසෙස්, ආරොන්ගේ පුතුන් ද ඉදිරියට ගෙන, ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණත් මාපටැඟිලි හා දකුණු පා මහපටැඟිලිවල ද ඒ ලේ ගෑවේ ය. ඉන්පසු ඔහු පූජාසනයේ හැම පැත්තක ම ඒ ලේ ඉසී ය. 25ඔහු එම බැටළුවාගේ මේදය ද වලිගයේ මේදය ද අතුණු වටා ඇති සියලු මේද කොටස් ද අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද වකුගඩු යුගලය සහ එහි මේදය ද දකුණු කලවය ද වෙන් කර ගත්තේ ය. 26ඉන්පසු ඔහු, ස්වාමින්වහන්සේ අබියස තිබූ මුහුන් රහිත රොටි වට්ටියෙන් රොටියක් ද තෙල් මිශ්‍ර කැවිල්ලක් ද සිහින් කැවිල්ලක් ද ගෙන, කලින් ගත් මේද කොටස් හා දකුණු කලවය මත ඒවා තැබී ය. 27ඔහු ඒ සියල්ල ආරොන්ගේ හා ඔහුගේ පුත්‍රයන්ගේ අත්වල තබා, තේව කිරීමේ පූජාවක් කොට, ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කරවී ය. 28ඉන්පසු මෝසෙස්, ඔවුන් අතින් ඒවා ගෙන, දවන යාග පූජාව මත තබා, ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන ප්‍රසන්න සුවඳක් වූ පූජකවරයට කැප කිරීමේ පූජාවක් වශයෙන් පූජාසනය මත ඒවා දවාලී ය. 29තවද මෝසෙස්, පූජක ආලේපය සඳහා වූ බැටළුවාගෙන් තමාට හිමි පංගුව වන බැටළුවාගේ ළපැත්ත ගෙන, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තේව කිරීමේ පූජාවක් කොට, ස්වාමින්වහන්සේ ඉදිරියේ එය තේව කළේ ය.
30මෝසෙස් ඊළඟට, ආලේප තෙල් ස්වල්පයක් ද පූජාසනයෙන් ලේ ස්වල්පයක් ද ගෙන, ආරොන්ටත්, ඔහුගේ වස්ත්‍රවලටත්, ඔහුගේ පුත්‍රයින්ටත්, ඔවුන්ගේ වස්ත්‍රවලටත් ඒවා ඉසී ය. මෙසේ ඔහු ආරොන් හා ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයින් හා ඔවුන්ගේ වස්ත්‍ර ද කැප කොට පවිත්‍ර කළේ ය.
31මෝසෙස් ඉන් අනතුරුව, ආරොන් ද ඔහුගේ පුතුන් ද අමතමින්, “හමුවීමේ කූඩාරම් දොරකඩදී ඒ මස් පිසින්න. ආරොන් සහ ඔහුගේ පුතුන් ඒවා අනුභව කළ යුතු ය කියමින්, මා අණ කළ පරිදි, පූජකාලේප පිදුම් වට්ටියෙහි ඇති රොටි සමඟ එතැනදී ම ඒවා අනුභව කරන්න. 32ඉතිරි මස් හා රොටි දවා දමන්න. 33ඔබේ පූජකාලේප දවස් සම්පූර්ණ වන තෙක්, දවස් හතක් හමුවීමේ කූඩාරම් දොරකඩින් ඉවත් ව නො යන්න. ඔබගේ පූජකාලේපය සඳහා දවස් හතක් ගත වේ. 34අද දවසේ කරන ලද්දේ, ස්වාමින්වහන්සේ අණ කළ පරිදි, ඔබ උදෙසා පාප වන්දි නිවාරණයයි. 35ඔබ නො නසින පිණිස හත් දවසක් රැයත්, දවාලත් හමුවීමේ කූඩාරම් දොරකඩ නැවතී හිඳිමින්, ස්වාමින්වහන්සේගේ නියමයන් පිළිපදින්න. මන්ද, මා අණ ලද්දේ එලෙසිනැ” යි පැවසී ය.
36එබැවින් ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ අණ කළ හැම දේ කළහ.
اکنون انتخاب شده:
ලෙවී 8: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: