ලෙවී 7
7
වරද නිවාරණ පූජා
1“ ‘වරද නිවාරණ පූජා පිළිබඳ නියමයන් මේවා ය. එය අතිශුද්ධ ය. 2වරද නිවාරණ පූජා සතා මැරිය යුත්තේ, දවන යාග පූජා සතුන් මරන තැනදී ය. උගේ ලේ, පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය. 3එහි මේදය මුළුමනින් ම ඔප්පු කළ යුතු ය. එනම්, තෙල්-වලිගය සහ අතුණු වැසී ඇති මේදය ද 4වකුගඩු යුගල හා ඒ වටා තුනටිය ළඟ මේදය ද වකුගඩු සමඟ ඉවත් කර ගන්නා අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද වේ. 5ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කළ පූජාවක් වශයෙන්, පූජකයා ඒවා පූජාසනය මත දවාලිය යුතු ය. එය වරද නිවාරණ පූජාවකි. 6පූජක පවුලේ කවර පිරිමියකුට වුව ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ශුද්ධ තැනකදී ය. එය අතිශුද්ධ ය.
7“ ‘පාප පූජාව හා වරද නිවාරණ පූජාව යන දෙකට ම අදාළ වන්නේ, එක නීතියකි. එමඟින් පාප වන්දි නිවාරණය සලසන පූජකයාට ඒවා අයිති ය. 8යමකු උදෙසා දවන යාග පූජාවක් ඔප්පු කරන පූජකයාට එසේ පිදූ සතාගේ හම තබා ගත හැකි ය. 9උදුනක පිලිස්සූ හෝ හැළියක පිසූ හෝ තාච්චියක බැදි හෝ යන කවර ධාන්‍ය පූජාවක් වුව එය ඔප්පු කළ පූජකයාට අයිති ය. 10තෙල් මිශ්‍ර කළ හෝ වියළි හෝ හැම ධාන්‍ය පූජාවක් ම ආරොන්ගේ පුත්‍රයින්ට සම සම ව අයිති ය.
ශාන්ති පූජා
11“ ‘ස්වාමින්වහන්සේට පුදන ශාන්ති පූජා පිළිබඳ නියමයන් මෙසේ ය:
12“ ‘ඔහු එය පුද කරන්නේ ස්තුති දීමක් වශයෙන් නම්, මුහුන් රහිත ව, තෙල් මුහු කොට හැදූ රොටි ද මුහුන් රහිත ව, තෙල් ගල්වා තැනූ සිහින් කැවිලි ද තෙල් මුහු කොට, මනාව ඇනූ සිහින් පිටියෙන් තැනූ රොටි ද පුද කළ යුතු ය. 13ස්තුති දීමේ තම ශාන්ති පූජාව සමඟ ඔහු මුහුන් රහිත ව තැනූ රොටි ද පිළිගැන්විය යුතු ය. 14ඒ හැම වර්ගයකින් එක බැගින් ස්වාමින්වහන්සේට කොටසක් ඔහු පුද පඬුරක් වශයෙන් ගෙන ආ යුතු ය. ශාන්ති පූජාවේ ලේ ඉසින පූජකයාට ඒවා අයිති ය. 15ස්තුති දීමේ ශාන්ති පූජා මස, එය ඔප්පු කළ දවසේ ම වැළඳිය යුතු ය. ඉන් කිසිවක් පසු දා උදය තෙක් නො තැබිය යුතු ය.
16“ ‘එනමුත්, පූජාව බාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් වේ නම්, එය ඔප්පු කළ දවසේ ම වැළඳිය යුතු ය. ඉන් යමක් ඉතිරි වී නම්, ඊළඟ දවසේ ඒවා වැළඳිය හැකි ය. 17තුන් වන දවස දක්වාත් එම පූජා මස ඉතිරි වේ නම්, ඒවා දවාලිය යුතු ය. 18එම ශාන්ති පූජාවේ මස, තුන් වන දවසේ වැළඳුවහොත් එම පූජාව නො පිළිගැනේ. එමඟින් එම පූජාව දූෂිත වන බැවින් එය පිදූ අයට වන ශාන්තියක් නැත. එයින් වැළඳූ අය එහි විපාකය විඳිය යුතු ය.
19“ ‘අපවිත්‍ර දෙයක ස්පර්ශය ලද මස්, අනුභව නො කළ යුතු ය. ඒවා පුලුස්සා දැමිය යුතු ය. එසේ අපවිත්‍ර නො වූ පූජා මස පවිත්‍ර අයට අනුභව කළ හැකි ය. 20එහෙත්, අපවිත්‍ර කෙනකු ස්වාමින්වහන්සේට අයත් ශාන්ති පූජා මස අනුභව කළහොත්, ඔහුගේ ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය. 21යමෙක්, මිනිස් අපවිත්රතාවක හෝ අපවිත්‍ර සතකු හෝ යම් පිළිකුලක හෝ යන යම් අපවිත්රතාවක ස්පර්ශය ලැබ, ස්වාමින්වහන්සේට අයත් ශාන්ති පූජා මස අනුභව කළහොත්, ඔහුගේ ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු යැ’ යි” පැවසූ සේක.
මේදය හා ලේ අනුභවය තහනම්
22 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 23“ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: ‘ගව, එළු, බැටළු යන සතුන්ගේ මේදය අහරට නො ගන්න. 24මැරී සිටි හෝ වන සතුන් විසින් ඉරා දැමූ හෝ සතකුගේ මේදය, වෙන යම් ප්‍රයෝජනයකට ගත හැකි ය. එහෙත් ඔබ ඒවා අනුභව නො කළ යුතු ය. 25ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන ලද සතකුගේ මේදය, අනුභව කරන කවරකු වුව, ඔහුගේ ජනයා වෙතින් සිඳ දැමිය යුතු ය. 26ඔබ කොතැනක සිටියත් පක්ෂියකුගේ හෝ යම් සතකුගේ හෝ ලේ අනුභව නො කළ යුතු ය. 27යමකු ලේ අනුභව කළහොත්, ඔහුගේ ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු යැ’ යි” පැවසූ සේක.
පූජක පංගුව
28 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 29“ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේට ශාන්ති පූජාවක් ගෙනෙන කෙනකු එම පූජාවෙන් කොටසක් ස්වාමින්වහන්සේට ත්‍යාගයක් වශයෙන් ගෙන ආ යුතු ය. 30ස්වාමින්වහන්සේට ගින්නෙන් කරන පූජාව, ඔහු සිය-දෝතින් ම ගෙන ආ යුතු ය. පූජා සතාගේ මේදය සමඟ උගේ ළපැත්ත ගෙන අවුත්, තේව කිරීමේ පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඒ ළපැත්ත තේව කළ යුතු ය. 31පූජකයා මේදය පූජාසනය මත දවාලිය යුතු ය. එහෙත් ළපැත්ත අයිති ආරොන්ටත්, ඔහුගේ පුත්‍රයින්ටත් ය. 32ඔබේ ශාන්ති පූජාවේ දකුණු කලවය පූජකයාට පඬුරක් වශයෙන් දිය යුතු ය. 33ශාන්ති පූජා ලෙය හා මේදය ඔප්පු කරන ආරොන්ගේ පුත්‍ර-පූජකයාගේ පංගුව වශයෙන් දකුණු කලවය ලැබේ. 34ඉශ්රායෙල්වරුන්ගේ ශාන්ති පූජාවලින් තේව කළ ළපැත්ත ද පිළිගැන්වෙන කලවය ද ගෙන, මම එය ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් දුනිමි. එය ඉශ්රායෙල් ජනයාගෙන් ඔවුන්ට ලැබිය යුතු නිත්‍ය පංගුව යැ’ යි” පැවසූ සේක.
35 ස්වාමින්වහන්සේට පූජකයින් වශයෙන් සේවය කිරීමට ආරොන් ද ඔහුගේ පුත්‍රයින් ද පූජකවරයට කැප කළ දවසේ, ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන ලද පූජාවන්ගෙන් ඔවුනට වෙන් කර දෙන ලද ඔවුන්ගේ පංගුව එයයි. 36ඔවුන්ගේ නිත්‍ය පංගුව වශයෙන් ඉශ්රායෙල් ජනයා මතු පරම්පරාවලදීත් ඒවා ඔවුනට දිය යුතු වග, ඔවුන් පූජකාලේපය ලද දවසේ ස්වාමින්වහන්සේ නියෝග කළ සේක.
37දවන යාග පූජාව, ධාන්‍ය පූජාව, පාප පූජාව, වරද නිවාරණ පූජාව, පූජකාලේප පූජාව හා ශාන්ති පූජාව යන පූජා පිළිවෙත් නියමයන් ඒවා ය. 38ඉශ්රායෙල් ජනයා සීනයි කාන්තාරයේ ස්වාමින්වහන්සේට ඔවුන්ගේ පූජා ගෙන ආ යුතු ය කියා ස්වාමින්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කළ නියමයන් ඒවා ය.
اکنون انتخاب شده:
ලෙවී 7: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: