ලෙවී 12
12
දරු උපතින් පසු පවිත්‍ර වීම
1 ස්වාමින්වහන්සේ, මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල්වරුනට මෙසේ කියන්න: ‘කාන්තාවක ගැබ් ගෙන, පිරිමි දරුවකු බිහි කළ විටෙක, ඇය ඇගේ මාසික ඔසප් දවස්හි අපවිත්‍ර ව සිටින පරිදි, හත් දවසක් අපවිත්‍ර වෙයි. 3අට වන දවසේ එම පිරිමි දරුවා චර්ම-ඡේදන කළ යුතු ය. 4ඉන්පසු, ඒ කාන්තාව තමාගේ ලේ ගැලීමෙන් පවිත්‍ර වීමේ කාලය වන තිස්තුන් දවසක් පසු කළ යුතු ය. ඇගේ පවිත්‍ර වීමේ දවස් ගෙවෙන තෙක්, ඇය කිසියම් ශුද්ධ දෙයක් ස්පර්ශ නො කළ යුතු ය; ශුද්ධස්ථානය වෙත ද නො යා යුතු ය. 5ගැහැණු දරුවකු බිහි කළ විටෙක කාන්තාවක් ඇගේ මාසික ඔසප් දවස්හි අපවිත්‍ර ව සිටින පරිදි, සති දෙකක් අපවිත්‍ර ව සිටී. ඉන්පසු ඇගේ ලේ ගැලීමෙන් පවිත්‍ර වන පිණිස, ඇය හැටහය දවසක් පසු කළ යුතු ය.
6“ ‘පුතකු හෝ දියණියක උදෙසා වූ ඇගේ පවිත්‍ර වීමේ දවස් ගෙවුණු පසු, ඇය දවන යාග පූජාවක් සඳහා එක් අවුරුදු බැටළු පැටවකු ද පාප පූජාවක් සඳහා පරෙවියකු හෝ කොබෙයි පැටවකු ද පූජකයා වෙත, හමුවීමේ කූඩාරම් පිවිසුම වෙත ගෙන ආ යුතු ය. 7ඇය උදෙසා පාප වන්දි නිවාරණයක් වශයෙන්, පූජකයා ස්වාමින්වහන්සේ ඉදිරියේ උන් ඔප්පු කළ යුතු ය. එවිට ඈ ඇගේ ලේ ගැලීමෙන් පවිත්‍ර වන්නී ය.
“ ‘පිරිමි හෝ ගැහැනු දරුවකු බිහි කරන කාන්තාවක ඉටු කළ යුතු පිළිවෙත් ඒවා ය. 8බැටළු පැටවකු සැපයීමට ඇයට වත්කමක් නැතොත්, ඇය කොබෙයි ජෝඩුවක් හෝ පරෙවි පැටවුන් දෙදෙනකු ගෙන ආ යුතු ය. ඉන් එකකු දවන යාග පූජාවක් සඳහා ය. අනෙකා, පාප පූජාවක් සඳහා ය. එලෙස පූජකයා ඇය උදෙසා පාප වන්දි නිවාරණය සැලසූ පසු, ඈ පවිත්‍ර වන්නී ය.’ ”
اکنون انتخاب شده:
ලෙවී 12: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.