නික්මයාම 31

31
බෙසලෙල් හා ඔහොලියාබ්
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“මෙන්න, මම යූදා ගෝත්‍ර වංශයේ හූර්ගේ පුත්‍ර, ඌරීගේ පුත් බෙසලෙල්ගේ නම කියා ඔහු තෝරා ගත්තෙමි. 3දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් ද සියලු ආකාර ශිල්පීය නිපුණත්වයෙන්, හැකියාවෙන් හා අවබෝධයෙන් ද මම ඔහු පූර්ණ කළෙමි. 4එසේ කළේ රනින්, රිදීයෙන් හා ලෝකඩින් ශිල්පීය නිර්මාණකරණය පිණිසත්, 5මැණික් කැපීම හා එබ්බවීම ද ලී කැටයම් වැඩ ද සියලු ශිල්පීයකරණ සඳහාත් ය. 6තවද, ඔහුට සහාය වන පිණිස, මම දාන් ගෝත්‍ර වංශයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ් පත් කළෙමි.”
තවද, සියලු කර්මාන්ත ශිල්පීනට, මා මනා නිපුණත්වය දුන්නේ, මා ඔබට අණ කළ සියලු දෑ සාදන පිණිස ය:
7“ඒවා නම්, හමුවීමේ කූඩාරම,
සාක්ෂි කරඬුව හා ඒ මත කරුණාසනය#31:7 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම,
කූඩාරම තුළ බඩු භාණ්ඩ වන
8මේසය හා එහි උපකරණ,
අමිශ්‍ර රන්මුවා පහන් රුක හා එහි සියලු උපාංග,
සුගන්ධ ධූම පූජාසනය,
9දවන යාග පූජාසනය හා ඊට අදාළ සියලු භාජන,
රඳවනය සමඟ ජල බේසම,
10පූජක මෙහෙයයේදී ගැනෙන ගෙත්තම් ඇඟලුම් වන
පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර,
ඔහුගේ පුතුන්ගේ වස්ත්‍ර,
11ආලේප තෙල් හා ශුද්ධස්ථානය සඳහා සුගන්ධ ධූම ද්‍රව්‍ය යනාදියයි.
“මා ඔබට අණ කළ පරිදි ඔවුහු ඒවා සෑදිය යුත්තෝ යැ” යි පැවසූ සේක.
සබත
12 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 13“ඉශ්‍රායෙල් ජනයා අමතා මෙසේ කියන්න: ‘නුඹලා මගේ සබත් පැවැත් විය යුතුයි. නුඹලා ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නා පිණිස, පරපුරින් පරපුරට මාත්, නුඹලාත් අතරේ වන සලකුණ එයයි.
14“ ‘එබැවින් ඔබ සබත් දවස පැවැත් විය යුතු ය; එය ඔබට ශුද්ධ ය. එය කෙලෙසන කවරකු වුව, මරණයට පත් කළ යුතුයි. ඒ දවසේ වැඩ කරන කවරකු වුව ඔහුගේ ජනයා වෙතින් සිඳ දැමිය යුතු ය. 15හය දවසක් වැඩ කළ හැකි ය. එහෙත්, හත් වන දවස විවේකයේ සබත් දවසයි. එය ස්වාමින්වහන්සේට ශුද්ධ ය. සබත් දවසේ වැඩ කරන කවරකු වුව මරනු ලැබිය යුතු ය. 16ඉශ්‍රායෙල් ජනතාව පරම්පරාවෙන් පරම්පරාවට සබත් පවත්වමින්, නිරන්තර ගිවිසුමක් ව, සබත් රක්ෂා කළ යුතු ය. 17එය මාත්, ඉශ්‍රායෙල් ජනයාත් අතර සදාතනික ලකුණකි. මන්ද දවස් හයක් තුළ අහස් හා පොළොව මැවූ ස්වාමින්වහන්සේ හත් වන දවසේ විවේක ගෙන, ප්‍රබෝධවත් වූ සේකැ’ යි” පැවසූ සේක.
18උන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කතා කොට නිම වූ පසු, දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන සාක්ෂි ගල්ලෑලි දෙක මෝසෙස්ට දුන් සේක.

اکنون انتخاب شده:

නික්මයාම 31: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید