නික්මයාම 11
11
කුලුඳුලන් ඝාතනය
1 ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම පාරාවෝ පිට ද ඊජිප්තුව පිට ද තව එක පීඩාවක් පමුණුවමි. ඉන්පසු ඔබට මෙතැනින් යෑමට ඔහු ඉඩ හරිනු ඇත. ඔහු ඔබට යන්නට දෙන කල, ඔහු මුළුමනින් ම ඔබ පන්නා දමනු ඇත. 2පිරිමි-ගැහැනු හැම කෙනකු ම තම තමාගේ අසල්වැසියාගෙන් රිදී ආභරණ හා රන් ආභරණ ඉල්ලා ගත යුතු වග ජනයාට ඇසෙන්නට පවසන්නැ” යි පැවසූ සේක. 3ස්වාමින්වහන්සේ තම ජනතාවට ඊජිප්තුවරුන්ගේ ප්‍රසාදය ලැබෙන්නට සැලසූ සේක. ඊජිප්තු දේශයේදී පාරාවෝගේ නිලධාරීන් ද ජනතාව ද හමුවේ මෝසෙස් ඉතා උතුම් කොට සලකන ලද්දේ ය.
4මෝසෙස් කතා කරමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘රැය මැදියමේ පමණ මම ඊජිප්තුව ඔස්සේ යන්නෙමි. 5ඊජිප්තුවේ හැම කුලුඳුලෙක් ම මියෙන්නේ ය. සිහසුනේ සිටින පාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගලේ වැඩ කරන දාසියගේ කුලුඳුලා දක්වා ද ගවයින්ගේ කුලුඳුල් සත්තු ද මියෙන්නෝ ය. 6ඊජිප්තු දේශය පුරා මහ විලාපයක්, මෙතෙක් කිසි කලෙක නො වූ විරූ, මතු කිසි කලෙක නො වන්නා වූ අන්දමේ විලාපයක් වන්නේ ය. 7එහෙත් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි, යම් මිනිසකුට හෝ යම් සතකුට හෝ එරෙහිව බල්ලකු පවා බුරන්නේ නැත.’ ස්වාමින්වහන්සේ ඊජිප්තුව හා ඉශ්‍රායෙල් අතර පැහැදිලි වෙනසක් කරන වග එවිට ඔබ දැනගනු ඇත. 8එකල ඔබගේ මේ සියලු නිලධාරීන් මා වෙත අවුත්, මා ඉදිරියේ වැඳ වැටෙමින්, ‘අනේ යන්න. ඔබත්, ඔබ පසු පස යන මුළු ජනතාවත් යන්නැ’ යි කියනු ඇත. ඉන්පසු මම පිටත් ව යන්නෙමි” යි පැවසී ය. ඉන්පසු මෝසෙස් උග්‍ර කෝපයෙන්, පාරාවෝ වෙතින් ඉවත් ව ගියේ ය.
9 ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඊජිප්තු දේශය තුළ මගේ හාස්කම් බහුල වන පිණිස, පාරාවෝ ඔබට සවන් දෙන්නේ නැතැ” යි පැවසූ සේක. 10මෝසෙස් හා ආරොන් මේ සියලු හාස්කම් පාරාවෝ ඉදිරියේ සිදු කළහ. ස්වාමින්වහන්සේ පාරාවෝගේ හදවත දැඩි කළ සේක. ඔහු, තමාගේ රටින් පිට වී යෑමට ඉශ්‍රායෙල්වරුන්ට ඉඩ දුන්නේ නැත.
اکنون انتخاب شده:
නික්මයාම 11: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.