1
උත්පත්ති 32:28
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ඔහු කතා කරමින්, “මින් මතු ඔබේ නම යාකොබ් නො වේ, ඉශ්රායෙල් ය. මන්ද දෙවියන්වහන්සේ සමඟත්, මිනිසුන් සමඟත් ඔබ පොර බදා ජය ගෙන ඇතැ” යි කීවේ ය.
مقایسه
උත්පත්ති 32:28 را جستجو کنید
2
උත්පත්ති 32:26
එවිට ඒ මනුෂ්‍යයා, “එළි වේගෙන එන නිසා මට යන්නට දෙන්නැ” යි පැවසී ය. එහෙත් යාකොබ්, “ඔබ මට ආශිර්වාද කරන තෙක්, මා ඔබට යන්නට දෙන්නේ නැහැ” යි කීවේ ය.
උත්පත්ති 32:26 را جستجو کنید
3
උත්පත්ති 32:24
මෙසේ යාකොබ් හුදකලා විය. එවිට මනුෂ්‍යයෙක් පහන් වන තෙක් ඔහු සමඟ පොර බැදී ය.
උත්පත්ති 32:24 را جستجو کنید
4
උත්පත්ති 32:30
එබැවින් යාකොබ්, “මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටුවෙමි. එහෙත්, මගේ ජීවිතය ඉතිරි විණැ” යි කියමින් ඒ ස්ථානයට පෙනීයෙල් යැයි නම් තැබී ය.
උත්පත්ති 32:30 را جستجو کنید
5
උත්පත්ති 32:25
තමාට ඔහු පැරදවිය නො හැකි වග දුටු ඒ තැනැත්තා, යාකොබ්ගේ උකුල් සන්ධියට ගැසී ය. එවිට ඒ තැනැත්තා සමඟ පොරබදද්දී ඔහුගේ උකුල් ඇටය පැන්නේ ය.
උත්පත්ති 32:25 را جستجو کنید
6
උත්පත්ති 32:27
එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ?” යි ඇසී ය. “යාකොබ්” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය.
උත්පත්ති 32:27 را جستجو کنید
7
උත්පත්ති 32:29
යාකොබ් ඔහු අමතමින්, “අනේ මට ඔබේ නම කියන්නැ” යි ඉල්ලී ය. එහෙත්, “ඔබ මගේ නම විචාරන්නේ මන්දැ?” යි පැවසූ ඔහු, ඉන්පසු එහිදී යාකොබ්ට ආශිර්වාද කළේ ය.
උත්පත්ති 32:29 را جستجو کنید
8
උත්පත්ති 32:10
ඔබේ සේවකයාට ඔබවහන්සේ පෑ මුළු දයා-ප්‍රේමයත්, මුළු විශ්වාසවන්තකමත් ලබන්නට මා සුදුස්සෙක් නො වේ. මන්ද මේ යොර්දානයෙන් මෙතෙර වෙද්දී මා වෙත වූයේ මගේ සැරයටිය පමණි. එහෙත් දැන් මම කණ්ඩායම් දෙකක් ව සිටිමි.
උත්පත්ති 32:10 را جستجو کنید
9
උත්පත්ති 32:32
මේ හේතුව නිසා අද දවස දක්වාත් ඉශ්රායෙල්වරුන් උකුල පිට ඇති බල නහරය අහරට නො ගන්නේ, බල නහරය අසල යාකොබ්ගේ උකුල පෙදෙසට උන්වහන්සේ ගැසූ බැවිනි.
උත්පත්ති 32:32 را جستجو کنید
10
උත්පත්ති 32:9
ඉන්පසු යාකොබ් කතා කරමින්, “මගේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මගේ පියා වූ ඊසාක්ගේ දෙවියන්වහන්ස, අහෝ ස්වාමින්වහන්ස, ‘ඔබේ රටටත්, ඔබේ නෑයින් වෙතටත් ආපසු යන්න. මම, ඔබ සඵල වන්නට සලස්සමි’ යි මට කී තැනැන්වහන්ස
උත්පත්ති 32:9 را جستجو کنید
11
උත්පත්ති 32:11
මා අයැද සිටින්නේ මගේ සොහොයුරා අතින්, ඒසව් අතින්, මා මුදන ලෙසටයි. මන්ද ඔහු අවුත් මටත්, මේ මවුවරුන්ටත්, ඔවුන් සමඟ සිටින දරුවන්ටත් පහර දෙතියි මම ඔහුට භය වෙමි.
උත්පත්ති 32:11 را جستجو کنید
خانه
كتاب مقدس
برنامههای مطالعه
ویدیوها