1
නික්මයාම 13:21-22
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ මාර්ගයේදී ඔවුන්ට මග පෙන්වීමට දහවලේ වලා ටැඹකින් ද රැයේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින් ද යුතු ව ඔවුන්ට පෙරටුව ගිය සේක. එසේ කළේ දහවලේ ද රැයේ ද ඔවුනට ගමන් කළ හැකි වන පරිදි ය. දහවලේදී වලා ටැඹවත්, රැයේදී ගිනි ටැඹවත් ජනයා ඉදිරියෙන් අහක් ව ගියේ නැත.
مقایسه
නික්මයාම 13:21-22 را جستجو کنید
2
නික්මයාම 13:17
පාරාවෝ ජනතාවට යන්නට ඉඩ හළ පසු, පිලිස්තිවරුන්ගේ දේශය හරහා දිවෙන මාර්ගය කිට්ටු වූ නමුදු, දෙවියන්වහන්සේ එමඟින් ඔවුන් කැඳවාගෙන ගියේ නැත. මන්ද, “යුද්ධයට මුහුණ පෑවහොත් ඔවුන් තම සිත් වෙනස් කර ගෙන ඊජිප්තුවට ආපසු හැරී යතැ” යි දෙවියන්වහන්සේ පැවසූ බැවිනි.
නික්මයාම 13:17 را جستجو کنید
3
නික්මයාම 13:18
එනිසා කාන්තාරය වටා වූ මාවත ඔස්සේ, රතු මුහුද දෙසට දෙවියන්වහන්සේ ඔවුන් කැඳවාගෙන ගිය සේක. ඉශ්රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට ව ගියේ, යුද්ධයට සන්නද්ධ ව ය.
නික්මයාම 13:18 را جستجو کنید