1
ද්විතීය 18:10-11
සිංහල කාලීන පරිවර්තනය
SCV
තම පුතු හෝ දියණිය හෝ ගින්නෙහි පූජා කරන කිසිවකුත් ඔබ අතරේ නො විය යුතු ය. පේන කියන්නකු හෝ මන්තරකරුවකු, නිමිති බලන්නකු, මන්තර ගුරකු, හූනියම්කරුවකු, භූත-බන්ධන හෝ ආත්ම බන්ධනකරුවකු, මළවුන් සමඟ කතා කරන්නකු ඔබ අතරේ නො විය යුතු ය.
مقایسه
ද්විතීය 18:10-11 را جستجو کنید
2
ද්විතීය 18:12
ඒ දෑ කරන කවරකු වුව ස්වාමින්වහන්සේට පිළිකුලකි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එම ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන්ගේ එම පිළිකුල් ක්රියා නිසා ය.
ද්විතීය 18:12 را جستجو کنید
3
ද්විතීය 18:22
ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවැසිවරයකු පැවසූ දෙයක් සිදු නො වේ නම් හෝ ඉටු නො වේ නම්, එය ස්වාමින්වහන්සේ පැවසූ වචනය නො වේ. ඒ දිවැසිවරයා හිතුමතේට කතා කිරීමකි. ඔහුට බිය නො වන්න.
ද්විතීය 18:22 را جستجو کنید
4
ද්විතීය 18:13
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ දෝෂ රහිත විය යුතු ය.
ද්විතීය 18:13 را جستجو کنید