YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 6

6
සපිරිවර
1ස්ත්‍රීන් අතර ඉතාම රුවැත්තිය,
ඔබේ පෙම්වතා ගියේ කොහේ ද?
ඔබත් සමඟ අප ඔහු සොයන පිණිස
ඔහු කවර මගකින් හැරී ගියේ දැයි කියන්න.
ප්‍රේමවන්තිය
2මගේ ප්‍රේමවන්තයා තම උයනට,
සුවඳ පැළ පාත්තිවලට ගොසිනි;
උයන්හි උළා කෑමටත්,
මානෙල් මල් නෙළීමටත් ගොසිනි.
3මම මගේ ප්‍රේමවන්තයාගේ ය; මගේ ප්‍රේමවන්තයා මගේ ය;
ඔහු මානෙල් අතරේ උළා කයි.
ප්‍රේමවන්තයා
4මා ප්‍රියාවිය, තිර්සා පුරවරය සේ ම ඔබ ලස්සනයි;
යෙරුසලම් පුර සේ ම මනහරයි;
කොඩි රැගත් භට පිරිසක් සේ ප්‍රතාපවත්.
5ඔබේ දෑස මා වෙතින් ඉවත හරවා ගන්න;
ඒවාට මා වසඟ වෙයි;
ඔබගේ වරලස ගිලියාද් කන්දෙන් බැස එන
එළු රෑනක් වගෙයි.
6ඔබගේ දත් පෙළ ලොම් කපනු ලැබ,
සේදී පවිත්‍ර ව, දියෙන් ගොඩට එන බැටළු රෑනක් වගෙයි.
එකකුවත් තනි ව නො සිට,
නිඹුලුන් සහිත වේ.
7ඔබගේ මුහුණු වැස්මට ඇතුළින්
දෙකොපුල් දෙළුම් ගෙඩියක පළු දෙකක් වාගේ ය.
8බිසෝවරුන් හැට දෙනෙක් ද
අතිරේක භාර්යාවන් අසූදෙනෙක් ද
ගණන් නැති තරම් කන්‍යාවන් ද සිටියත්,
9මගේ පරෙවි කිරිල්ලිය, මගේ පරිපූර්ණ ලිය, ඇය අසමසම ය;
ඇගේ මවගේ එක ම දියණිය,
ඇය බිහි කළ ඇගේ මවගේ ප්‍රියත ම තැනැත්තී ය.
කන්‍යාවියෝ ඇය දැක, “ඈ භාග්‍යවත් යැ” යි කීවෝ ය;
බිසෝවරු හා අතිරේක භාර්යාවරු ඈ වර්ණනා කළෝ ය.
සපිරිවර
10කවුරු ද මේ අරුණෝදය සේ දිස් වන්නේ,
සඳු මෙන් අලංකාර ව, හිරු මෙන් දීප්තිමත් ව
කොඩි රැගත් භට පිරිසක් සේ ප්‍රතාපවත්#6:10 භට පිරිසක් සේ ප්‍රතාපවත් හෙවත් තරු පෙළ මෙන් ප්‍රතාපවත්?
ප්‍රේමවන්තයා
11මිදි වැල් දළු ලා වැඩෙන්නේ ද,
දෙළුම් ගස්වල මල් හට ගන්නේදැයි දැනගන්නට
මම මිටියාවතේ අලුත් වගාව බලන පිණිස,
කොට්ටම්බා අරඹ වෙත ගියෙමි.
12මට වැටහෙන්නටත් පළමු,
මගේ ආශාව මගේ ජනයාගේ රාජකීය අශ්ව-රථ මධ්‍යයෙහි මා සිටුවී ය.
සපිරිවර
13ආපසු එන්න; පෙරළා එන්න එම්බා ෂූලම්මීය ළඳුනි,
නුඹ දෙස අප බලා සිටින පිණිස ආපසු එන්න; පෙරළා එන්න!
ප්‍රේමවන්තයා
මහනයිම්හි නැටුම් බලා සිටින්නා සේ
නුඹලා ෂූලම්මීය ළඳ දෙස බලා සිටින්නේ මන්ද?

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in