ගීතාවලිය 99
99
ගීතාවලිය 99
1 ස්වාමින්වහන්සේරජකම් කරන සේක,
ජාතීහු වෙවුලත්වා!
උන්වහන්සේ කෙරුබ්වරුන්ට මැදි ව, සිංහාසනාරූඪ ව සිටින සේක.
පොළොව සලිත වෙත්වා!
2සියොනෙහි ස්වාමින්වහන්සේ උතුම් ය;
සියලු ජාතීන්ට ඉහළින් උන්වහන්සේ උසස් ව සිටින්නාහ.
3ඔබගේ උත්තම වූත්, භයංකර වූත් නාමයට ඔවුහු ප්‍රශංසා කරත්වා!
උන්වහන්සේ පාරිශුද්ධ ය.
4රජ්ජුරුවෝ පරාක්‍රමවත් ය,
උන්වහන්සේ යුක්තියට ප්‍රේම වන්නේ ය;
ඔබ අපක්ෂපාතීත්වය ස්ථාපිත කළ සේක,
යාකොබ් වංශය අතරේ ඔබ යුක්තියත්, සාධාරණත්වයත් ඉටු කර ඇත.
5අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පසසන්න,
උන්වහන්සේගේ පා පුටුව අද්දර නමස්කාර කරන්න;
උන්වහන්සේ පාරිශුද්ධ ය.
6උන්වහන්සේගේ පූජකයින් අතර මෝසෙස් ද ආරොන් ද විය,
උන්වහන්සේගේ නාමයට යාච්ඤා කළවුන් අතර සාමුවෙල් ද විය.
ස්වාමින්වහන්සේට ඔවුහු යාච්ඤා කළ විට
උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දුන් සේක.
7උන්වහන්සේ වලා ටැඹෙහි සිට ඔවුන් ඇමතූ සේක;
ඔවුහු තමනට උන්වහන්සේ දුන් පනත් හා නියෝග ඉටු කළහ.
8අහෝ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස,
ඔබ ඔවුන්ට පිළිතුරු දුන් සේක;
ඔබ ඔවුන්ගේ වරදට දඬුවම් පැමිණෙවුව ද
ඉශ්‍රායෙල්වරුනට ඔබ කමාවේ දෙවියන්වහන්සේ වූ සේක.
9අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න,
උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී උන්වහන්සේට නමස්කාර කරන්න;
මන්ද අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පාරිශුද්ධ ය.
Currently Selected:
ගීතාවලිය 99: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: