YouVersion Logo
Search Icon

ගීතාවලිය 100

100
ගීතාවලිය 100
ගීතයකි. කෘතඥ පූර්වක ප්‍රශංසාව සඳහා.
1මුළු පොළෝ වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න.
2ප්‍රීතියෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න;
ප්‍රීති ගීත ගයමින්, උන්වහන්සේ අබියසට පැමිණෙන්න.
3 ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග දැනගන්න.
අප මැවුවේ උන්වහන්සේ ය; අප අයිති උන්වහන්සේට ය;
උන්වහන්සේගේ ජනයා වන අප, උන්වහන්සේගේ තෘණබිමෙහි බැටළුවන් ය.
4ස්තුති දෙමින් උන්වහන්සේගේ දොරටු තුළින් ඇතුළු වන්න,
ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුළු වන්න;
උන්වහන්සේට තුති පුදමින්, උන්වහන්සේගේ නාමය පසසන්න.
5මන්ද ස්වාමින්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නොමියෙන පෙම, සදහට ම පවත්නේ ය;
උන්වහන්සේගේ විශ්වාසවන්තකම, පරපුරින් පරපුරට ගලා යන්නේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in