YouVersion Logo
Search Icon

ගීතාවලිය 98

98
ගීතාවලිය 98
ගීතයකි.
1 ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගයන්න,
මන්ද උන්වහන්සේ අසිරිමත් දෑ කර ඇත;
උන්වහන්සේගේ දකුණු අත හා උන්වහන්සේගේ ශුද්ධ බාහුව
උන්වහන්සේ උදෙසා ගැලවීම සැලසී ය.
2 ස්වාමින්වහන්සේ ස්වකීය ගැලවීම, විදහා දැක් වූ සේක්,
ස්වකීය ධර්මිෂ්ඨත්වය ජාතීනට එළිදරවු කළ සේක.
3උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය වෙත වූ තම නොමියෙන ප්‍රේමයත්,
තම විශ්වාසවන්ත භාවයත්, මතක් කළ සේක;
අපේ දෙවියන්වහන්සේගේ ගැලවීම
පොළොවේ සියලු සීමාවෝ දුටුවෝ ය.
4පොළොවේ සකල වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න,
සංගීතය මුසු ව ප්‍රීති ගීත නාද නගන්න;
5ගයන්න ස්වාමින්වහන්සේට වීණා නාදයෙන්,
වීණා නාදය සමඟ ගීත රාවයෙන්.
6කාහලයෙන් හා හොරණෑ නාදයෙන්,
රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ජය ඝෝෂා නගන්න.
7ගර්ජනා කරත්වා! මහ මුහුදත්, එහි ඇති සියල්ලත්,
ලෝකයත්, එහි වෙසෙනා සියල්ලොත්.
8ගංගාවෝ අත්පොළසන් දෙත්වා!
කඳු හෙල් එක් ව ප්‍රීතියෙන් ගී ගයත්වා!
9 ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එසේ කරත්වා,
මන්ද පොළොව විනිශ්චය කිරීමට උන්වහන්සේ එන සේක.
උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකය විනිශ්චය කරන සේක්,
අපක්ෂපාතීත්වයෙන් ජනයා විනිශ්චය කරන සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in