ගීතාවලිය 89
89
ගීතාවලිය 89
එස්රාහීය ඒතාන්ගේ මස්කීල්#89:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1 ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැන
මම සදහට ම ගායනා කරන්නෙමි; ඔබගේ විශ්වාසවන්තකම මම මගේ මුවින්
සියලු පරම්පරාවලට දන්වමි.
2ඔබගේ නොමියෙන ප්‍රේමය සදා ස්ථාවර බැව් ද
ඔබගේ විශ්වාසවන්තකම ස්වර්ගයෙහි ඔබ ස්ථාපන කළ බැව් ද මම ප්‍රකාශ කරන්නෙමි.
3ඔබ මෙසේ කියා ඇත: මවිසින් තෝරා ගන්නා ලද්දාණන් සමඟ මම ගිවිසුමක් කළෙමි,
මගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි,
4“ඔබේ වංශය, මම සදාතනික ව පිහිටුවමි;
ඔබේ සිහසුන, සියලු පරම්පරාවලට ගොඩ නගමි.” සෙලා
5ස්වර්ගීයයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනා කරති, අහෝ ස්වාමින්වහන්ස,
ශුද්ධවතුන්ගේ එක්රැස්වීමේදී ඔබගේ විශ්වාසවන්තකම ද වර්ණනා කෙරේ.
6ස්වර්ගවල කවරකු ස්වාමින්වහන්සේ හා සසැඳිය හැකි ද?
ස්වර්ගීයයන්ගෙන් කවරකු ස්වාමින්වහන්සේ හා සමාන ද?
7ශුද්ධවතුන්ගේ සභාවේදී අතිශය භය පක්ෂපාතීත්වය ලැබිය යුත්තාණෝ දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේ වටා සිටින්නවුන්ට වඩා ඉතාමත් භයංකාර තැනැත්තාණෝ ද උන්වහන්සේ ය.
8අහෝ ස්වාමින්වහන්ස, සේනාංකාධිපති දෙවියන්වහන්ස, ඔබ හා සමාන අන් කවුරු ද?
ඔබවහන්සේ පරාක්‍රමවත් ය; අහෝ ස්වාමින්වහන්ස, ඔබ වටකර ගෙන ඇත්තේ, ඔබගේ විශ්වසනීයත්වයයි.
9රළු සමුදුරේ පාලකයාණෝ ද ඔබ ය;
එහි රළ රැළි සසල ව නැගෙන කල, ඒවා නිසල කරන්නේ ද ඔබ ය.
10රහබ් නම් දැවැන්ත සත්වයා මරා දමනු ලැබූවකු සේ පොඩිකර දැමුවේ ඔබ ය.
ඔබගේ සවිබල බාහුවෙන් ඔබ ඔබගේ සතුරන් විසුරුවා දැමූ සේක.
11අහස් කුස ඔබගේ ය; මහ පොළොව ද ඔබගේ ය;
මේ මුළු ලෝකය ද එහි ඇති සියල්ල ද නිර්මාණ කළේ ඔබ ම ය.
12උතුර ද දකුණ ද මැවුවේ ඔබ ය;
තාබෝර් හා හෙර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයයි.
13ඔබගේ බාහුව බලයෙන් යුක්ත ය;
ඔබගේ හස්තය ශක්තිමත් ය; ඔබගේ සුරත බලයෙන් එසැවී ඇත්තේ ය.
14ඔබගේ සිහසුනේ පදනම, දමිටුකම හා යුක්තියයි;
නොමියෙන ප්‍රේමය හා විශ්වසනීයත්වය ඔබට පෙරටුව ගමන් කරයි.
15ඔබට ප්‍රීති නාද පවත්වන්නට ඉගෙනගන්නෝ හා
ඔබ ඉදිරිපිට ආලෝකයෙහි ගැවසෙන්නෝ භාග්‍යවත් ය, අහෝ ස්වාමින්වහන්ස.
16දවස මුළුල්ලේ ඔබගේ නාමය තුළ ඔවුහු ප්‍රීති ප්‍රමෝද වෙති;
ඔබගේ දමිටුකම තුළ ප්‍රීතියෙන් පිනා යති.
17මන්ද ඔවුන්ගේ මහිමයත්, ඔවුන්ගේ ශක්තියත් ඔබ ය.
අපගේ හිස ඔසවන්නට ඔබ සැලසුවේ ඔබගේ කරුණාවෙනි.
18සැබවින් ම, අපගේ පලිහ අයිති ස්වාමින්වහන්සේට ය;
අපගේ රජ්ජුරුවෝ, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ ය.
19වරක් ඔබ දර්ශනයකින් කතා කරමින්,
ඔබේ විශ්වාසවන්තයනට මෙසේ කී සේක:
“රණවිරුවකුට මම ශක්තිය පිරිනැමුවෙමි;
ජනතාව අතරේ යෞවනයකු මම උසස් කළෙමි.
20මගේ සේවක දාවිත් මම සොයා ගතිමි;
මගේ ශුද්ධ තෙලින් මම ඔහු ආලේප කළෙමි.
21මගේ හස්තය, ඔහු උසුලා සිටිනු ඇත;
සත්තකින් ම මගේ බාහුව, ඔහු ශක්තිමත් කරනු ඇත.
22කිසි සතුරකුට, ඔහු යටත් කර ගන්නට ලැබෙන්නේ නැත.
ඔහුට පීඩා කරන්නට දුෂ්ට මිනිසකුට හැකි වන්නේ නැත.
23ඔහු ඉදිරියේ ම ඔහුගේ එදිරිවාදීන් මම පොඩිකර දමන්නෙමි;
ඔහුගේ සතුරන් මම ගසා හෙළන්නෙමි.
24මගේ විශ්වාසීභාවයත්, මගේ නොමියෙන ප්‍රේමයත් ඔහු සමඟ වනු ඇත;
මගේ නාමය තුළින් බලයෙන් යුතු ව ඔහු උසස් කෙරේ.
25මම ඔහුගේ අත, මුහුදට ඉහළින් තබමි,
ඔහුගේ දකුණු අත, ගංගාවලට ඉහළින් තබමි.
26ඔහු මට හඬ ගසමින්, ‘ඔබවහන්සේ මගේ පියාණෝ ය,
මගේ දෙවියන්වහන්සේ ය, මගේ පර්වතය වූ ගැලවුම්කරුවාණෝ යැ’ යි කියනු ඇත.
27මම මගේ කුලුඳුල් පුත්‍ර තනතුර ඔහුට දී,
මිහි පිට රජුන් අතරේ ඉතාමත් උත්තමයා කොට ඔහු පත් කරන්නෙමි;
28ඔහු වෙත මගේ නොමියෙන ප්‍රේමය සදා පවත්වන්නෙමි;
ඔහු සමඟ වන මගේ ගිවිසුම කිසි කල වෙනස් නො වේ.
29නිරන්තරයෙන් ම මම ඔහුගේ වංශයේ කෙනකු රජ කරවන්නෙමි,
ඔහුගේ සිහසුන අහස පවතින තුරු පවතින්නේ ය.
30“ඔහුගේ පුතුන් මගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කළහොත්,
මගේ නියමයන් අනුගමන නො කළහොත්,
31ඔවුන් මගේ නියෝග කඩ කළහොත්,
මගේ ආඥා පිළිපැදීමට අපොහොසත් වුවහොත්,
32මම ඉපලෙන් ඔවුනට දඬුවම් කරමි;
ඔවුන්ගේ අයුතුකම්වලට කස පහර දෙන්නෙමි.
33එහෙත් මගේ නොමියෙන ප්‍රේමය, මම ඔහු වෙතින් ඉවත නො ගන්නෙමි;
මගේ විශ්වාසවන්තභාවය, නො බිඳින්නෙමි.
34මගේ ගිවිසුම මම කඩ නො කරන්නෙමි.
මගේ දෙතොලතරින් පැවසූ දෑ වෙනස් නො කරන්නෙමි.
35මගේ ශුද්ධත්වයෙන් තීන්දුවට ම මම දිවුළෙමි;
දාවිත්ට මම බොරු නො කියමි.
36ඔහුගේ රාජ පෙළපත සදහට ම පවතින්නේ ය;
ඔහුගේ සිංහාසනය හිරු මෙන් මා ඉදිරියේ නො නැසී පවතින්නේ ය.
37අහසේ විශ්වසනීය සාක්ෂිකරුවකු වන සඳු මෙන්
එය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.” සෙලා
38එහෙත් එසේ කී ඔබ, ඔබගේ අභිෂේක ලද්දාණන් සමඟ බෙහෙවින් උරණ ව,
ඔහු ප්‍රතික්ෂේප කර, තුච්ඡකර, පහ කර දැමූ සේක.
39ඔබගේ සේවකයා සමඟ කළ ගිවිසුම අවලංගු කරමින්,
ඔහුගේ කිරුළ දූවිල්ලේ හෙළා, එයට නිග්‍රහ කළ සේක.
40ඔහුගේ ප්‍රාකාර සියල්ල බිඳ හෙළූ ඔබ,
ඔහුගේ බළකොටු නටබුන් බවට පත් කළ සේක.
41ඔහු පසු කර ආ-ගිය සැවොම ඔහුගෙන් කොල්ල කෑහ;
ඔහු තම අසල්වාසීන්ගේ අවඥාවට ලක් විය.
42ඔබ ඔහුගේ එදිරිවාදීන්ගේ දකුණත උසස් කළ සේක;
ඔහුගේ සියලු සතුරන් සතුටට පත් කළ සේක.
43ඔබවහන්සේ ඔහුගේ කඩු මුවහත, මොට කළ සේක්;
සටනේදී ඔබ ඔහුට උපකාර නො කළ සේක.
44ඔබ ඔහුගේ තේජාලංකාරය නිමාවට පත් කළ සේක්;
ඔහුගේ සිහසුන බිම හෙළූ සේක.
45ඔබ ඔහුගේ ජීවිතයේ යෞවන දවස් කෙටි කළ සේක්;
නින්දා අපකීර්තියෙන් ඔහු වට කළ සේක. සෙලා
46තව කොපමණ කලක් අහෝ ස්වාමින්වහන්ස, ඔබ සදහට ම සැඟවී සිටින සේක් ද?
තව කොපමණ කලක් ඔබගේ උදහස ගින්නක් සේ ඇවිළේ ද?
47මගේ ජීවිතය කොතරම් කෙටිදැයි සිහි කළ මැනව;
කවර නිෂ්ඵලතාවකට ද ඔබ මේ මිනිස් අප මවා ඇත්තේ!
48මරණය නො දැක ජීවත් විය හැක්කේ කවර මිනිසාට ද?
ෂෙයෝලයේ#89:48 පාතාලයේ හෙවත් මළවුන්ගේ ස්ථානයේ බලයෙන් ගැලවීගත හැක්කේ කවරකුට ද? සෙලා
49අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ විශ්වාසවන්තකමින් දාවිත්ට දිවුරූ ලෙස,
මුලදී ඔබ පෑ ඔබගේ ඒ නොමියෙන ප්‍රේමය කොහේ ද?
50ඔබේ සේවකයා විඳින අපහාස සිහි කළ මැනව, ස්වාමිනි,
සියලු ජාතීන් වෙතින් එන අවමන් මා ඉවසා දරා සිටින හැටි සිහි කළ මැනව,
51අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ සතුරන් එල්ල කරන නින්දා අවමන්!
ඔබගේ අභිෂේක ලද්දාණන් යන යන තැන ඔවුන් කරන අවමන්!
52 ස්වාමින්වහන්සේට සදහට පැසසුම් වේවා!
ආමෙන් ආමෙන්.
Currently Selected:
ගීතාවලිය 89: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: