ගීතාවලිය 88
88
ගීතාවලිය 88
ගීයකි. කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. සංගීත අධ්‍යක්ෂක වෙත. මාහලත් ලෙ-අන්නොත්#88:0 තනුවක් විය හැක. “විපත්තිය විඳීම” අනුව ය. එස්රාහීය හේමාන්ගේ මස්කීල්#88:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1අහෝ ස්වාමින්වහන්ස, මා ගැලවූ දෙවියන්වහන්ස,
ඔබ ඉදිරියේ දිවා රැයේ මම හඬා වැටෙමි.
2මගේ යැදුම ඔබ අබියසට පැමිණේවා!
මගේ හැඬුමට ඔබේ සවන් යොමු කළ මැනව.
3මන්ද මගේ ජීවිතය කරදරවලින් ගහන ය;
මගේ දිවිය වළ පල්ලට කෙමෙන් ඇදේ.
4මා ගණන් ගනු ලබන්නේ මළවුන් අතරට ගිය එකකු සේ ය.
මා පණ කෙන්දක් නැති මිනිසකු වැන්න.
5තවදුරටත් ඔබගේ මතකයට නො එන,
ඔබේ අවධානයෙන් සිඳ දැමුණු, ඝාතන කර,
මිනී වළට ඇද දැමූවකු පරිදි
මළවුන් අතරේ මා අත්හැර දැමිණ.
6නරාවළේ පත්ලට ම මා හෙළූ ඔබවහන්සේ,
එහි අන්ධකාර ගැඹුරට ම මා හෙළූ සේක.
7ඔබගේ උදහස මහ බරක් ව මා පිට පැටවේ;
එහි රළ රැළිවලින් ඔබ මා යට කර දැමූ සේක. සෙලා
8ඔබවහන්සේ මගේ ළබැඳි මිතුරන් මවෙතින් ඈත් කළ සේක්,
ඔවුන්ට මා පිළිකුලක් වන්නට සැලසූ සේක.
මම කොටු වී සිටිමි; මට ගැලවී යා නො හැක.
9සෝ සන්තාපයෙන් මගේ ඇස් මලානික ව ගොසිනි;
දවසින් දවස මම ඔබට හඬ ගසමි. අහෝ ස්වාමින්වහන්ස,
ඔබ වෙත මගේ දෑත් විදහා සිටිමි.
10ඔබගේ ආශ්චර්යයන් ඔබ මළගියවුන්ට පෙන්වන සේක් ද?
මියගියවුන් නැගිට ඔබට ප්‍රශංසා කරාවි ද? සෙලා
11ඔබගේ නොමියෙන ප්‍රේමය, මිනී වළ තුළ හෝ
ඔබගේ විශ්වාසී භාවය, විනාශයේ ස්ථානයේදී හෝ ප්‍රකාශ කෙරේ ද?
12ඔබගේ ආශ්චර්යයන් අඳුරෙහි දී දැකගත හැකි වේ ද?
දමිටුකමේ ඔබේ ක්‍රියා අමතකවීමේ දේශයේදී හැඳින ගැනේ ද?
13එහෙත් මම උපකාර ඉල්ලා ඔබට මොර ගසමි, අහෝ ස්වාමින්වහන්ස,
මගේ යාච්ඤා උදෑසන ඔබ අබියසට පැමිණේ.
14කිම ද ඔබ මා ඉවතලන්නේ?
කිම ද මවෙතින් මුහුණ සඟවා ගන්නේ අහෝ ස්වාමින්වහන්ස?
15තුරුණු වියේ පටන් මම පීඩා විඳ ඇත්තෙමි, මරණයට ළං වුණෙමි;
ඔබ වෙතින් පැමිණි භීතියෙන්, වේදනා විඳි මා දැන් අසරණ ව සිටිමි.
16ඔබගේ උදහස මා යට කර දමා ඇත;
ඔබගේ භීතිය මා විනාශ කර ඇත.
17ගං වතුර සේ දවස මුළුල්ලේ ඒවා මා යට කර සිටී;
ඒවා සම්පූර්ණයෙන් ම මා ගිල දමා ඇත.
18ඔබවහන්සේ මගේ මිතුරන් හා මගේ ප්‍රියයන් මවෙතින් ඈත් කළ සේක;
දැන් මගේ තනි නොතනියට ඇත්තේ අන්ධකාරය පමණි.
Currently Selected:
ගීතාවලිය 88: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: