ගීතාවලිය 90
90
සිවු වන කාණ්ඩය
ගීතාවලිය 90
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ යැදුමකි.
1සමිඳුනි, සියලු පරම්පරාවලදී
අපගේ වාසස්ථානය ඔබවහන්සේ ය.
2කඳු උපදින්නටත් පෙර සිට, ඔබ මේ ලෝකය,
මේ මහ පොළොව බිහිකරන්නටත් පෙර සිට
සදාතනයෙන් සදාතනයට ඔබ දෙවියන්වහන්සේ ය.
3ඔබ මිනිසුන් යළි දූවිල්ලට හරවා යවන්නේ,
“එම්බා මිනිසුනි, ආපසු දූවිල්ලට ම!” කියමිනි.
4අවුරුදු දහසක්,
ඔබගේ ඇස් ඉදිරියේ ගෙවී ගිය ඊයේ දවස වැන්න,
රැයේ එක් යාමයක් වැන්න.
5ඔබ මිනිසුන් සැඩ පහරකින් මෙන් ගෙන යන සේක. ඔවුහු සිහිනයක් මෙන් පහ වී යති.
ඔවුන් උදෑසන හටගන්නා නව තෘණ වැන්න:
6උදෑසන ඒවා අලුතින් හට ගන්න නමුදු,
හවස් වෙද්දී වියළී, හැකිළී යයි.
7ඔබගේ කෝපයෙන් අප දහනය කෙරේ;
ඔබගේ උදහසින් අප භීතියට පත් වේ.
8අපගේ අයුතුකම්, ඔබ ඉදිරියෙහි අතුරා ඇත,
අපගේ රහස් පාප, ඔබ අබිමුව ආලෝකයේ වෙත.
9අපගේ දවස් සියල්ල, ඔබගේ උදහස යට ගෙවී යයි;
අපගේ අවුරුදු, සුසුමක් වාගේ අපි කෙළවර කරන්නෙමු.
10අපගේ ජීවිත කාලය අවුරුදු හැත්තෑවකි,
ශක්තිය තිබුණොත් අවුරුදු අසූවකි;
එහෙත් ඒ කාල-පරාසය ම වෙහෙස හා දුක ය,
ඒවා වහා ඉගිළ යයි. අපේ ජීවිත ගෙවී යයි.
11ඔබගේ කෝප බලයේ තරම කවුරු දනිත් ද?
මන්ද ඔබගේ කෝපාග්නිය මිනිසුන් ඔබට භය වීමට සලසයි.
12ප්‍රඥාවන්ත හදවතක් වඩවා ගන්න පිණිස,
අපගේ දවස් හරි හැටි ගණින්නට අපට ඉගැන්නුව මැනව.
13හැරී ආ මැනව, අහෝ ස්වාමින්වහන්ස, තව කොතෙක් කල් පමාවන සේක් ද?
ඔබේ සේවකයනට අනුකම්පා කළ මැනව.
14අපගේ ජීවිත කාලයේ ප්‍රීතියෙන් ගී ගයමින්, අප ප්‍රමෝද වන පිණිස,
උදයෙන් උදය ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් අප සෑහීමට පත් කළ මැනව.
15බොහෝ වූ දවස්හි ඔබ අපට පීඩා ගෙන දුන් ලෙස,
බොහෝ වූ අවුරුදුවල අප විපත්ති විඳි ලෙස, දැන් අපට සොම්නස ගෙන දුන මැනව.
16ඔබගේ සේවකයින් වන අපට ඔබගේ ක්‍රියා ද
අපගේ දූ දරුවනට ඔබගේ මහිමාලංකාරය ද පෙන්වනු ලැබේවා!
17අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්ගේ කරුණාව අප පිට පිහිටා සිටීවා!
අපගේ අත්වල වැඩ ස්ථාවර කරනු මැන,
සැබවින් ම අප අත්වල වැඩ ස්ථාවර කෙරේවා!
Currently Selected:
ගීතාවලිය 90: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: