ගීතාවලිය 54
54
ගීතාවලිය 54
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් සහිත සංගීත භාණ්ඩ සමඟ. දාවිත්ගේ මස්කීල්#54:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි. සීෆීවරුන් සාවුල් රජුට ඔත්තු සපයමින්, “දාවිත් අප අතරේ සැඟවී සිටිනවා නො වේ දැ” යි දැන් වූ කල.
1ඔබගේ නාමය කරණකොටගෙන මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස,
ඔබගේ බල පරාක්‍රමයෙන් මා නිදොස් වග ප්‍රකාශ කරන්න.
2මගේ යාච්ඤාව ඇසුව මැනව, අහෝ දෙවියන්වහන්ස,
මා මුවේ වදන්වලට සවන් දෙන්න.
3අමුත්තෝ මට පහර දෙති;
කුරිරු මිනිස්සු මගේ දිවි තොර කරන්නට බලති;
ඔවුහු දෙවියන්වහන්සේ ගැන සැලකිල්ලක් නො දක්වති. සෙලා
4සැබවින් ම, දෙවියන්වහන්සේ මගේ සරණය ය;
මගේ දිවිය දරා සිටින තැනැත්තාණෝ ස්වාමින්වහන්සේ ය.
5මට අපවාද නගන්නන්ගේ දුෂ්ටකම ඔවුන් ම වෙළා ගනිත්වා!
ඔබගේ විශ්වසනීයත්වයෙන් ඔවුන් විනාශ කළ මැනව.
6මම ස්වේච්ඡා පූජාවක් ඔබට ඔප්පු කරන්නෙමි.
මම ඔබගේ නාමය පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, එය හොඳ ය.
7මගේ සියලු විපත්තිවලින් උන්වහන්සේ මා මිදූ සේක;
එබැවින් මගේ දෙනෙත මගේ එදිරිවාදීන් දෙස ජයග්‍රාහී ව බලයි.
Currently Selected:
ගීතාවලිය 54: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: