YouVersion Logo
Search Icon

ගීතාවලිය 53

53
ගීතාවලිය 53
සංගීත අධ්‍යක්ෂක වෙත. මාහලත්#53:0 සංගීතමය යෙදුමක් විය හැක. අනුව ය: දාවිත්ගේ මස්කීල්#53:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1අඥානයා, “දෙවි කෙනකු නැතැ” යි තමන්ට ම කියා ගනී.
ඔවුහු දූෂිතයෝ ය;
ඔවුන්ගේ ක්‍රියා අධම ය.
යහපත කරන කිසි කෙනකු නැත.
2දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට
මිනිස් වර්ගයා දෙස පහත බලන සේක;
එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද,
දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය.
3හැම කෙනකු ම නොමගට හැරී ගොසිනි; සැවොම එක සේ දූෂිත ව ඇත.
යහපත කරන කෙනෙක් නැත.
එක් කෙනකුවත් නැත.
4දුෂ්ටකම් කරන්නන්ට වැටහීමක් නැති ද?
රොටි බුදින්නාක් මෙන් මගේ ජනයා කා දමන ඔවුහු
දෙවියන්වහන්සේට අයැදුම් නො කරති.
5භීතියට පත් වන්නට කිසි හේතුවක් නැතිව, අන්න! ඔවුන් භීතියෙන් මුසපත් ව!
ඔබට පහර දුන් අයගේ ඇටකටු, දෙවියන්වහන්සේ විසුරුවා දැමූ සේක.
මන්ද දෙවියන්වහන්සේ ඔවුන් නීච කොට සැලකූ නිසා,
ඔබ ඔවුන් ලජ්ජාවට පත් කළේ ය.
6අහෝ! ඉශ්‍රායෙල්වරුන්ගේ ගැලවීම, සියොන වෙතින් පැමිණුනහොත් යහපති.
දෙවියන්වහන්සේ තම ජනයාගේ භාග්‍යය යළි ස්ථාපිත කළ කල,
යාකොබ් ප්‍රීති ප්‍රමෝද වෙත්වා! ඉශ්‍රායෙල් ප්‍රීතිමත් වෙත්වා!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in