YouVersion Logo
Search Icon

ගීතාවලිය 37:4-9

ගීතාවලිය 37:4-9 SCV

ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න; උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක. ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න; උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක: උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක. ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව, ඉවසිලිවත් ව සිටින්න! මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී, ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න. කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න; නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි. මන්ද දුෂ්ටකම් කරන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. එහෙත් ස්වාමින්වහන්සේ උදෙසා බලා සිටින්නෝ දේශය උරුම කර ගන්නෝ ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 37:4-9