YouVersion Logo
Search Icon

ගීතාවලිය 36:5-10

ගීතාවලිය 36:5-10 SCV

ඔබගේ නොමියෙන ප්‍රේමය, අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගය දක්වා ව්‍යාප්ත වේ; ඔබගේ විශ්වාසවන්තකම වලාකුළු උසට නැගේ. ඔබගේ ධර්මිෂ්ඨකම මහා කඳුවැටි වැන්න; ඔබගේ විනිශ්චය සාගර මහා ගැඹුර වැන්න. අහෝ ස්වාමින්වහන්ස, ඔබ මිනිසා හා සත්වයා එක ලෙස සුරකින සේක. ඔබගේ නොමියෙන ප්‍රේමය, කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස, මානව වර්ගයා ඔබේ පියාපත් සෙවණේ රැකවරණ ලබති. ඔබගේ ගෘහයේ සමෘද්ධියෙන් ඔවුහු ප්‍රිය සාද පවත්වති; ඔබගේ සතුටු ගංගාවෙන් ඔබ ඔවුනට බොන්නට දෙන සේක. මන්ද, ජීවනයේ උල්පත ඔබ ළඟ ය. අප එළිය දකින්නේ ඔබගේ එළියෙනි. ඔබ හඳුනන්නවුන්ට ඔබේ නොමියෙන ප්‍රේමයත්, හදින් අවංකවූවනට ඔබේ දමිටුකමත් එක දිගට ම පෑ මැනව.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 36:5-10