ගීතාවලිය 34
34
ගීතාවලිය 34
දාවිත්ගෙනි. අබිමෙලෙක් ඉදිරියේ උමතු වග අඟවා, ඔහු වෙතින් පන්නනු ලැබ, ඉවත් ව ගිය කල.
1හැම කල්හි මම, ස්වාමින්වහන්සේ පසසන්නෙමි.
උන්වහන්සේට කරන ප්‍රශංසාව, හැමදා මගේ දෙතොලතර තියේ.
2උදම් අනන්නෙමි මම ස්වාමින්වහන්සේ තුළ;
පීඩිතයෝ ඒ අසා ප්‍රීති ප්‍රමෝද වෙත්වා!
3එන්න, මා සමඟ ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න;
අපි එක් ව උන්වහන්සේගේ නාමය උසස් කරමු.
4මම ස්වාමින්වහන්සේ සෙවීමි; උන්වහන්සේ මට පිළිතුරු දුන් සේක්;
මගේ සියලු බයින් මා මිදූ සේක.
5උන්වහන්සේ දෙස බලා සිටින්නෝ ප්‍රීතියෙන් දිදුලන්නෝ ය.
කිසි කලෙක ඔවුන්ගේ මුහුණු ලජ්ජාවෙන් නො වැසේ.
6මේ දුප්පතා මොර ගැසී ය; ස්වාමින්වහන්සේ ඔහුට සවන් දී,
ඔහුගේ සියලු විපත්වලින් ඔහු මිදූ සේක.
7 ස්වාමින්වහන්සේගේ දූතයා, උන්වහන්සේට භය පක්ෂවූවන් වටා කඳවුරු බැඳ,
ඔවුන් මුදාලයි.
8 ස්වාමින්වහන්සේ ගුණ යහපත් වග රස බලා ඔබ ම අත්දකින්න;
උන්වහන්සේ තුළ සරණයන්නා භාග්‍යවත් ය.
9 ස්වාමින්වහන්සේට භය පක්ෂ වන්න, උන්වහන්සේගේ ශුද්ධවතුනි,
මන්ද උන්වහන්සේට භය පක්ෂවූවන්ට අවැසි කිසිවක් හිඟ නො වේ.
10යොවුන් සිංහයින්ට පවා හිඟකම් ඇති වී, කුස ගින්නේ පෙළෙත හැකි ය;
එහෙත් ස්වාමින්වහන්සේ සොයන්නන්ට කිසි යහ දෙයකින් හිඟයක් නො වේ.
11එන්න මගේ දරුවනි, මට සවන් දෙන්න;
ස්වාමින්වහන්සේට භය පක්ෂවීම කවරේදැයි මම ඔබට කියා දෙන්නෙමි.
12ඔබ අතරින් ජීවිතයට ප්‍රේම කරන,
බොහෝ භාග්‍යවත් දවස් දකින්නට ආශා කරන කවරෙක් වුව,
13ඔබේ දිව නපුරෙන් ද
ඔබේ තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා.
14නපුරෙන් ඉවත හැරී, යහපත කරත්වා;
සාමය සොයා, එය ලුහුබැඳ යත්වා.
15 ස්වාමින්වහන්සේගේ ඇස් දමිටුන් වෙත ය;
උන්වහන්සේගේ කන් ඔවුන්ගේ හඬ ගෑමට විවෘත ය.
16එහෙත් ස්වාමින්වහන්සේගේ මුහුණ, නපුර කරන්නන්ට එරෙහිව යොමු ව ඇත්තේ,
ඔවුන් පිළිබඳ මතකය පොළෝතලෙන් සිඳ දමනු පිණිස ය.
17දමිටුන් හඬ ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔවුනට සවන් දෙන සේක;
ඔවුන්ගේ සියලු විපත්වලින් උන්වහන්සේ ඔවුන් මුදන සේක.
18බිඳුණු හදක් ඇත්තවුනට ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක;
මිරිකා පොඩිකරනු ලැබූ ආත්මයක් ඇත්තන් ගලවන සේක.
19දමිටු කෙනකුට කරදර-විපත් කොතෙක් තිබුණ ද,
ස්වාමින්වහන්සේ ඒ හැමකකින් ම ඔහු ගලවන සේක.
20උන්වහන්සේ ඔහුගේ ඇටකටු සියල්ලට ආරක්ෂාව සපයන සේක්,
ඉන් එකකුදු බිඳෙන්නට නො දෙන සේක.
21නපුර විසින් ම දුෂ්ටයෝ වනසනු ලබති;
දමිටු අයගේ එදිරිවාදීන් දඬුවමට පත් කෙරේ.
22 ස්වාමින්වහන්සේ ස්වකීය සේවකයින් මුදා ගන්නා සේක;
උන්වහන්සේ තුළ සරණ යන කිසිවකු දඬුවමට පත් නො කෙරේ.
Currently Selected:
ගීතාවලිය 34: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: