ගීතාවලිය 35
35
ගීතාවලිය 35
දාවිත්ගෙනි.
1අහෝ ස්වාමින්වහන්ස, මට එරෙහිව කරුණු දක්වන්නන්ට එරෙහිව කරුණු දැක්වුව මැනව;
මට එරෙහිව සටන් කරන්නන්ට එරෙහිව සටන් වැදුණ මැනව.
2පලිහත්, මහ පලිහත් ගෙන,
නැගිට, මගේ පිහිටට එනු මැනවි.
3මා ලුහුබඳින්නවුනට එරෙහිව
තෝමර, හෙල්ල ලෙළවා,
“ඔබේ ගැලවීම මම යැ” යි
මට ඒත්තුගැන්වුව මැනව.
4මගේ ජීවිතය පැහැර ගැනීමට සොයන්නෝ
නින්දාවටත්, ලජ්ජාවටත් පත් වෙත්වා!
මට නපුර කැටීමට කුමන්ත්‍රණ කරන්නෝ
වියවුල් ව, පසුබා යත්වා!
5 ස්වාමින්වහන්සේගේ දූතයා විසින් ඉවත පලවා හරිනු ලබන කල,
ඔවුහු, සුළඟ හමුවේ බොල් රොඩු සේ වෙත්වා!
6 ස්වාමින්වහන්සේගේ දූතයා ඔවුන් ලුහුබඳින කල,
ඔවුන් යන මාවත අඳුරින් බර, ලිස්සන සුළු වේවා.
7ඔවුහු හේතුවක් නැතිව රහසේ මට දැලක් ඇටවූහ;
මා ඇල්ලීමට, අහේතුක ව මට වළක් කැපූහ.
8අදිසි විනාශයක් ඔවුන් පිට පතිත වේවා!
රහසේ ඇටවූ දැලේ ඔවුන් ම පටලැවේවා!
ඔවුන්ගේ විනාශයට ඔවුන් ම ඒ වළේ වැටේවා!
9එවිට, මම ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්නෙමි;
උන්වහන්සේගේ ගැලවීම තුළ සොම්නස් වන්නෙමි.
10මගේ මුළු ගත-සිත#35:10 මුළු ගත-සිත හෙබ්‍රෙව් මගේ ඇටකටු සියල්ල හඬ ගාමින්,
“අහෝ ස්වාමින්වහන්ස, ඔබ හා සමාන තව කවුරු ද?
දුප්පතා ඔහුට වඩා ප්රබලයාගෙන් ගලවන්නේ ඔබ ය;
දුප්පතා හා දිළිඳා කොල්ලකන්නවුන්ගෙන් ගලවන්නේ ඔබ යැ” යි පවසන්නෙමි.
11ද්වේෂ සහගත සාක්ෂිකරුවෝ ඉදිරියට පැමිණ,
හාංකවිසියක් මා නො දන්නා දෑ ගැන මගෙන් හරස් ප්‍රශ්න අසති.
12කළ හොඳට ඔවුන් මට සලකන්නේ නො හොඳිනි;
එසේ මගේ ජීවිතය අනාථවන්නට හැර ඇත.
13එහෙත්, ඔවුන් රෝගී වූ කල, මම ඔවුන් නිසා ගෝණි රෙදි හැඳ,
නිරාහාර ව උපවාස කළෙමි;
මගේ යැදුම් නො පිළිගැනී හැරී ආ කල,
14මගේ මිතුරකු හෝ සහෝදරයකු පරිදි
මම ශෝක වුණෙමි;
මගේ මව උදෙසා වැලපෙන්නා සේ
මම හිස බිම ඔබා ශෝක වුණෙමි.
15එහෙත් මගේ පය පැකිළී ගිය කල, ඔවුහු එක් රොක් වූහ;
උද්දාමයෙන් එක් රොක් වූහ;
පහරදෙන්නෝ, අනපේක්ෂිත ව කඩාවැදුණෝ නො නවතින අවලාද එල්ල කළෝ ය.
16අභක්තිකයින් සේ ඔවුහු නිර්දය ලෙස මට සමච්චල් කළහ;#35:16 හෙබ්‍රෙව් බසින් මෙම වැකියේ අර්ථය පැහැදිලි නැත.
ද්වේෂයෙන් යුතු ව දත්මිටි කෑහ.
17අහෝ සමිඳුනි, තව කොපමණ කලක් ඔබ නිකම් බලා සිටින සේක් ද?
ඔවුන්ගේ කෲරකම්වලින් මා ගැලෙවුව මැනව.
මගේ වටිනා ජීවිතය මේ සිංහයින්ගෙන් ගැලෙවුව මැනව.
18මහා එක්රැස්වීමේදී මම ඔබට, ස්තුති කරන්නෙමි.
ප්‍රශංසා කරන්නෙමි මම බොහෝ ජනයා අතරේදී ඔබට.
19හේතුවක් නැතිව මට හතුරු වූවෝ
මගේ විපත්තියේදී ප්‍රීති නො වෙත්වා!
අහේතුක ව මට ද්වේෂ කරන්නෝ
දුෂ්ට ලෙස ඇස ඉඟි නො කරත්වා!
20සාමකාමී සුහද කතා ඔවුන් ළඟ නැත;
දේශය තුළ තමන්ගේ පාඩුවේ ජීවත්වෙන්නන්ට
වංචාකාරී ප්‍රයෝග අටවති.
21ඔවුහු මදෙස බලා, මුව අයා, හඬ නගා,
“අහා! අහා! නුඹ කළ දෑ අප දුටුවා” යි කියති.
22අහෝ ස්වාමින්වහන්ස, ඔබ මේ සියල්ල දක්නා සේක; නිහඬ ව නො සිට යමක් කළ මැනව.
අහෝ සමිඳුනි, මවෙතින් ඈත් නො වුව මැනව.
23නැගී සිටිය මැනව, මා උදෙසා ඉදිරිපත් වුව මැනව.
මගේ පැත්තට කරුණු කිව මැනව මගේ දෙවියන්වහන්ස, මගේ සමිඳුනි.
24ඔබගේ ධර්මිෂ්ඨකමට අනුව මා නිර්දෝෂ බව ප්‍රකාශ කළ මැනව,
අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, මගේ විපත්තියේදී ප්‍රීති වන්නට ඔවුනට ඉඩ නුදුන මැනව.
25“අහා! අපට ඕනෑ කළේ ඔය ටික තමා” කියන්නට ඔවුනට ඉඩ නො තැබුව මැනව;
තවද, “අපි ඔහු ගිල දැමුවෙමු” යි කියන්නට ඔවුන්ට ඉඩ නො ලැබේවා!
26මගේ විපතේදී මා ගැන ප්‍රීති වූ සියල්ලෝ,
ලජ්ජාවටත්, වියවුලටත් පත් වෙත්වා!
මට ඉහළින් තමන් ම උසස් කර ගත්තෝ
ලජ්ජාවෙන් හා නින්දාවෙන් හඳවනු ලබත්වා!
27මගේ නිදොස්කම ගැන ප්‍රමෝද වන්නෝ
සොම්නසින් ප්‍රීති ඝෝෂා නගත්වා!
ඔවුහු නිතර මෙසේ කියත්වා! “තම සේවකයාගේ සුබ සිද්ධිය ගැන ප්‍රමෝද වන
ස්වාමින්වහන්සේ උත්කෘෂ්ට වේවා!”
28මම මගේ මුවින් ඔබේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරමි;
දවස මුළුල්ලේ ඔබේ ප්‍රශංසාව ප්‍රකාශ කරමි.
Currently Selected:
ගීතාවලිය 35: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: