ගීතාවලිය 33
33
ගීතාවලිය 33
1ධර්මිෂ්ඨයිනි, ප්‍රීතියෙන් පිරී, ස්වාමින්වහන්සේට ගී ගයන්න;
උන්වහන්සේට ප්‍රශංසා කිරීම අවංකයනට හොබනේ ය.
2වීණා වයා, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
තත් දසයේ මහා වීණාවෙන් උන්වහන්සේට සංගීත ස්වර නගන්න.
3අලුත් ගීතයක් උන්වහන්සේට ගායනා කරන්න;
දක්ෂ ලෙස වයමින්, ප්‍රීති ඝෝෂා නගන්න.
4 ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යය ය.
කරන හැම කාරියකදී ම උන්වහන්සේ විශ්වසනීය ය.
5දමිටුකමටත්, යුක්තියටත් උන්වහන්සේ ප්‍රේම කරන්නාහ;
ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙන් පොළොව පිරී ඇත.
6මුළු විශ්ව අහස ම මවන ලද්දේ, ස්වාමින්වහන්සේගේ වචනයෙනි;
විශ්ව අහස් සේනා මවන ලද්දේ, උන්වහන්සේගේ මුවෙහි හුස්මෙනි.
7මුහුදු වතුර උන්වහන්සේ එක් ගොඩකට රැස් කරන සේක්,
ගැඹුර රැගෙන ගබඩා ගෙවල ලන සේක.
8පොළොව මුළුල්ල ම ස්වාමින්වහන්සේට භය වෙත්වා!
ලෝ වැසි සියල්ලෝ, උන්වහන්සේට භය පක්ෂ ව සිටිත්වා!
9මන්ද උන්වහන්සේ කතා කළ සේක; එවිට එය සිදු විණ.
උන්වහන්සේ අණ කළ සේක; එවිට එය ස්ථිර ව පිහිටා සිටියේ ය.
10ජාතීන්ගේ සැලසුම් ස්වාමින්වහන්සේ ව්‍යර්ථ කරන සේක;
ජනයින්ගේ අරමුණු උන්වහන්සේ නිෂ්ප්‍රභ කරන සේක.
11එහෙත් ස්වාමින්වහන්සේගේ සැලසුම්, සදහට ම පවතී;
උන්වහන්සේගේ හදේ අරමුණු, යුග පරම්පරා මුළුල්ලේ තිරසර ව පවතී.
12 ස්වාමින්වහන්සේ ස්වකීය දෙවියන්වහන්සේ ලෙස ඇති ජාතිය ද
උන්වහන්සේ ස්වකීය උරුමය කොට තෝරා වෙන් කර ගත් ජනයා ද භාග්‍යවත් ය.
13 ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහළ බලන සේක;
එවිට උන්වහන්සේ සියලු මිනිස් දූ පුතුන් දකින සේක.
14උන්වහන්සේ තම සිහසුනේ හිඳ,
පොළෝ වාසී සියල්ලන් නිරීක්ෂණ කරන සේක.
15ඔවුන් හැමගේ හදවත් හැඩ ගස්වන උන්වහන්සේ,
ඔවුන් කරන හැම දෙයක් ම සැලකිල්ලට ගන්නා සේක.
16මහා හමුදාවක් සිටීමේ හේතුවෙන් ම රජකු ගැලවෙන්නේ නැත;
තමනට මහත් ශක්තියක් තිබීමේ හේතුවෙන් ම රණවිරුවකු ගැලවෙන්නේ නැත.
17ජයග්‍රහණය සඳහා අශ්වයකු නිෂ්ඵල බලාපොරොත්තුවකි;
ප්‍රබල ශක්තියක් තිබුණ ද, ඌට කිසිවකු ගැලවිය නො හැක.
18මෙන්න! ස්වාමින්වහන්සේගේ ඇස් උන්වහන්සේට භය පක්ෂවූවන් වෙත ය;
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙහි බලාපොරොත්තු තැබූවන් වෙත ය.
19එසේ වන්නේ, මරණයෙන් ඔවුන් මුදනු පිණිස ය;
සාගතයේදී ඔවුන් ජීවත් ව තබා ගනු පිණිස ය.
20බලාපොරොත්තු සහගත ව අපි ස්වාමින්වහන්සේ ගැන බලා හිඳින්නෙමු;
අපගේ උපකාරය උන්වහන්සේ ය. අපගේ පලිහ ද උන්වහන්සේ ය.
21උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය තුළ අපි අපේ විශ්වාසය තබා ඇත්තෙමු;
එබැවින්, අප හදවත් උන්වහන්සේ තුළ ප්‍රමුදිත වෙයි.
22අහෝ ස්වාමින්වහන්ස, ඔබ තුළ අපි අපගේ බලාපොරොත්තු තැබූ ලෙස ම
ඔබගේ නොමියෙන ප්‍රේමය අප පිට පවතීවා!
Currently Selected:
ගීතාවලිය 33: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: