ගීතාවලිය 29
29
ගීතාවලිය 29
දාවිත්ගේ ගීතයකි.
1එම්බා ස්වර්ගීය බලවතුනි, ස්වාමින්වහන්සේට දෙව්!
මහිමයත්, ශක්තියත් ස්වාමින්වහන්සේට දෙව්!
2උන්වහන්සේගේ නාමයට හිමි මහිමය ස්වාමින්වහන්සේට දෙව්!
උන්වහන්සේගේ ශුද්ධත්වයේ අලංකාරයෙන් ස්වාමින්වහන්සේ නමදිනු!
3 ස්වාමින්වහන්සේගේ කටහඬ සාගර ජලයට ඉහළින් වෙයි;
තේජෝ මහිමයේ දෙවියන්වහන්සේ ගර්ජනා කරන්නාහ.
ස්වාමින්වහන්සේ මහා ජලයට ඉහළින් ගර්ජනා කරන්නාහ.
4 ස්වාමින්වහන්සේගේ කටහඬ බලයෙන් යුක්ත ය;
ස්වාමින්වහන්සේගේ කටහඬ මහානුභාසම්පන්න ය.
5 ස්වාමින්වහන්සේගේ කටහඬ දේවදාර ගස් බිඳ හෙළයි;
ස්වාමින්වහන්සේ ලෙබනොන්හි දේවදාර ගස් කැබලි කර දමන්නාහ.
6ලෙබනොන් කඳු, වසු පැටවකු සේ ද සිරියොන් කන්ද, වල් හරකකු සේ ද
පැන, පැන යන්නට සලසන්නේ උන්වහන්සේ ය.
7 ස්වාමින්වහන්සේගේ කටහඬ,
විදුලි ධාරා පැන නංවයි.
8 ස්වාමින්වහන්සේගේ කටහඬ කාන්තාරය සලිත කරවයි;
ස්වාමින්වහන්සේ කාදෙෂ් කාන්තාරය සලිත කරන්නාහ.
9 ස්වාමින්වහන්සේගේ කටහඬ මුව දෙනුන් ප්‍රසවය කරවයි.
වනාන්තරය නිරාවරණ මුඩු බිමක් කරයි.
උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ලෝ, “මහිමය වේවා!” යි
මොර දෙති.
10ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක;
ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ.
11 ස්වාමින්වහන්සේ ස්වකීය ජනයාට ශක්තිය දෙන සේක;
ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට සාමයේ ආශිර්වාද දානය කරන සේක්වා!
Currently Selected:
ගීතාවලිය 29: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.