ගීතාවලිය 22:1-11
ගීතාවලිය 22:1-11 SCV
මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද? මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද? මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද? අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. රාත්‍රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත. එහෙත් ඔබ ශුද්ධ තැනැන්වහන්සේ ය, ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ සිංහාසනාරූඪ තැනැන්වහන්සේ ය. අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය; ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක. ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය; ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත. එහෙත් මම මිනිසකු නො ව පණුවෙක්මි; මිනිසුන් විසින් අවමන් කරනු ලද්දෙක්මි; ජනයා විසින් නීච කරනු ලැබූවෙක්මි. මා දකින සියල්ලෝ මට සමච්චල් කරති; කට ඇද කරමින්, හිස වනමින්, “ඔහු විශ්වාසය තැබුවේ, ස්වාමින්වහන්සේ තුළ ය; උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්, ඔහු උන්වහන්සේ තුළ ම සොම්නස් වූ නිසා, උන්වහන්සේ ම ඔහු ගලවත්දෙන්” යැයි කියති. එහෙත්, මව් කුසයෙන් මා බිහි කර වූ තැනැත්තාණෝ ඔබ ය; මගේ මවගේ ළයේ කිරි දරුවකු ව සිටියදී, ඔබ තුළ විශ්වාසය තැබීමට ඔබ මට සැලසූ සේක. උපතේ පටන් මම, ඔබ තුළ රඳවනු ලැබ සිටිමි; මා මවු කුස සිටියදීත්, මගේ දෙවියන්වහන්සේ ඔබ ම ය. මා වෙතින් ඈත් නො වන්න; මන්ද, කරදර අත ළඟ ය. පිහිටට කිසිවකු ද නැත.






