YouVersion Logo
Search Icon

ගීතාවලිය 21:1-5

ගීතාවලිය 21:1-5 SCV

අහෝ ස්වාමින්වහන්ස, රජු, ඔබ දුන් ශක්තිය ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි. ඔබ දෙන ජයග්‍රහණ නිසා, ඔහුගේ ප්‍රීතිය කොතරම් මහත් ද! ඔහුගේ හද අභිලාෂය, ඔබ ඉටු කර දුන් සේක; ඔහුගේ මුවින් කළ ඉල්ලීම, ඔබ පැහැර නො හැරිය සේක. සෙලා අනර්ඝ ආශිර්වාද රැගෙන, ඔබ ඔහු පිළිගත් සේක්, ඔහුගේ හිස මත දඹ රන් කිරුළක් පැලඳූ සේක. ඔහු ඔබගෙන් ජීවනය ඉල්ලී ය; ඔබ ඔහුට සදාතනික දිගායු දුන් සේක. ඔබ දුන් ජයග්‍රහණ තුළින් ඔහු ලද කීර්ති මහිමය ඉමහත් ය. ඔබ ඔහුට ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් ප්‍රදාන කළ සේක.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 21:1-5