YouVersion Logo
Search Icon

ගීතාවලිය 136

136
ගීතාවලිය 136
1ස්තුති දෙන්න, ස්වාමින්වහන්සේට, මන්ද උන්වහන්සේ යහපත් ය.
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
2ස්තුති දෙන්න, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේට.
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
3ස්තුති දෙන්න, ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේට:
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
4තනි ව මහා ආශ්චර්යයන් කරන තැනැන්වහන්සේට;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
5ස්වකීය බුද්ධියෙන් අහස තැනූ තැනැන්වහන්සේට;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
6ජල මතු පිට පොළොව ඇතුරූ තැනැන්වහන්සේට;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
7මහා ආලෝක වස්තු තැනූ තැනැන්වහන්සේට–
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
8දවාල පාලනයට හිරු;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
9රාත්‍රිය පාලනයට සඳ සහ තරු;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
10ඊජිප්තුවේ කුලුඳුලන් ගසා හෙළූ තැනැන්වහන්සේට;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
11ඔවුන් අතරින් ඉශ්‍රායෙල් ජනයා පිටතට ගෙන ආ;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
12පරාක්‍රමවත් හස්තයකින් ද දිගු කළ බාහුවෙන් ද;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
13රතු මුහුද දෙබෑ කළ තැනැන්වහන්සේට;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
14ඒ මැදින් ඉශ්‍රායෙල් ජනයා නිරුපද්‍රිත ව ගෙන ආ;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
15එහෙත් පාරාවෝ හා ඔහුගේ හමුදාව රතු මුහුදේ හෙළූ;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
16ස්වකීය ජනයාට පාළුකරය ඔස්සේ මග පෙන් වූ තැනැන්වහන්සේට;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
17මහා රජවරුන් ගසා හෙළූ තැනැන්වහන්සේට;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
18බලගතු රජුන් නසා දැමූ–
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
19අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
20බාෂාන්හි රජු වූ ඕග් ද–
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
21ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන්;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
22ස්වකීය සේවක ඉශ්‍රායෙල්වරුන්ට උරුමයක් ලෙස;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
23අප අසරණ ව සිටියදී අප සිහි කළ තැනැන්වහන්සේ;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
24අපේ සතුරන් අතින් අප මුදා ලූ;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
25ජීවත් වන සැමට ම අහර සපයා දෙන තැනැන්වහන්සේ;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
26ස්තුති දෙන්න, ස්වර්ගයේ දෙවියන්වහන්සේට;
මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 136