ගීතාවලිය 136:1-26
ගීතාවලිය 136:1-26 SCV
ස්තුති දෙන්න, ස්වාමින්වහන්සේට, මන්ද උන්වහන්සේ යහපත් ය. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේට. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේට: මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. තනි ව මහා ආශ්චර්යයන් කරන තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්වකීය බුද්ධියෙන් අහස තැනූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ජල මතු පිට පොළොව ඇතුරූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. මහා ආලෝක වස්තු තැනූ තැනැන්වහන්සේට– මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. දවාල පාලනයට හිරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. රාත්‍රිය පාලනයට සඳ සහ තරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ඊජිප්තුවේ කුලුඳුලන් ගසා හෙළූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ඔවුන් අතරින් ඉශ්රායෙල් ජනයා පිටතට ගෙන ආ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. පරාක්‍රමවත් හස්තයකින් ද දිගු කළ බාහුවෙන් ද; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. රතු මුහුද දෙබෑ කළ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ඒ මැදින් ඉශ්රායෙල් ජනයා නිරුපද්‍රිත ව ගෙන ආ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. එහෙත් පාරාවෝ හා ඔහුගේ හමුදාව රතු මුහුදේ හෙළූ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්වකීය ජනයාට පාළුකරය ඔස්සේ මග පෙන් වූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. මහා රජවරුන් ගසා හෙළූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. බලගතු රජුන් නසා දැමූ– මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. බාෂාන්හි රජු වූ ඕග් ද– මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන්; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්වකීය සේවක ඉශ්රායෙල්වරුන්ට උරුමයක් ලෙස; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. අප අසරණ ව සිටියදී අප සිහි කළ තැනැන්වහන්සේ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. අපේ සතුරන් අතින් අප මුදා ලූ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ජීවත් වන සැමට ම අහර සපයා දෙන තැනැන්වහන්සේ; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, ස්වර්ගයේ දෙවියන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.





