YouVersion Logo
Search Icon

ගීතාවලිය 133

133
ගීතාවලිය 133
ආරෝහණ ගීයකි. දාවිත්ගෙනි.
1බලන්න! සහෝදරයින් එක්සත් ව එකට විසීම කොතරම් අපූරු ද!
කොතරම් ප්‍රසන්න ද!
2එය, හිස පිට වත් කරන ලද අනගි ආලේප තෛලය,
ආරොන්ගේ රැවුල දිගේ ගලා අවුත්,
ඔහුගේ පූජක වස්ත්‍ර කරවාටිය තෙක්
බැස එන්නාක් වැන්න.
3එය, හරියට හෙර්මොන් කන්දේ පිනි,
සියොන් කන්ද පිට පහළට වැටෙන්නා වැන්න.
මන්ද ස්වාමින්වහන්සේ සදාතනික ජීවනය වන
තම ආශිර්වාද එහිදී පිරිනැමූ සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in