ගීතාවලිය 132
132
ගීතාවලිය 132
ආරෝහණ ගීයකි.
1අහෝ ස්වාමින්වහන්ස, දාවිත් ද
ඔහු විඳි සියලු අපහසුතා ද සිහි කළ මැනව.
2ඔහු ස්වාමින්වහන්සේට දිවුරුමක් ශපථ කරමින්,
යාකොබ්ගේ මහ බලවතාණන්ට බාරයක් ගිවිසමින්:
3“මා මගේ නිවසට ඇතුළු වන්නේ නැත,
මගේ යහනට ගොඩවන්නේ ද නැත;
4මගේ දෑසට නින්දටවත්,
ඇසිපියවලට නිදි බර වීමටවත් මා ඉඩ දෙන්නේ නැත;
5ඒ, ස්වාමින්වහන්සේට ස්ථානයක් පිළියෙල කරන තෙක් ය;
යාකොබ්ගේ මහ බලවතාණන්ට නිවස්නයක් තනන තෙක් ය” කියා කී හැටි ද සිහි කළ මැනව.
6මෙන්න! එෆ්‍රාතාහි දී අපි ඒ ගැන ඇසුවෙමු,
යාර් වනයේදී#132:6 යාර් වනයේදී එනම් කිරියත්-යෙයාරීම්හි එය අපට සම්භ විය:
7“අපි උන්වහන්සේගේ වාසස්ථානයට යමු;
උන්වහන්සේගේ පා පුටුව ළඟ නමස්කාර කරමු.
8‘නැගිටිනු මැනවි අහෝ ස්වාමින්වහන්ස, ඔබත්,
ඔබගේ පරාක්‍රමයේ කරඬුවත් ඔබගේ විවේක ස්ථානය වෙත යත්වා!
9ඔබගේ පූජකයෝ ධර්මිෂ්ඨත්වයෙන් හඳවනු ලබත්වා;
ඔබගේ විශ්වාසවන්තයෝ ප්‍රීති ඝෝෂා නගත්වා!’ ”
10ඔබගේ සේවක දාවිත් නිසා
ඔබගේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් ඔබගේ මුහුණ ඉවත නො හැරෙවුව මැනව.
11 ස්වාමින්වහන්සේ උන්වහන්සේ ම අවලංගු නො කරන නියත දිවුරුමක්
දාවිත්ට ශපථ කළේ මෙලෙසිනි:
“ඔබගෙන් පැවත එන, ඔබේ ම පුත්‍රයකු
මම ඔබේ සිහසුනේ හිඳුවන්නෙමි;
12ඔබගේ පුත්‍රයෝ මගේ ගිවිසුම ද
මා ඉගැන් වූ මගේ පනත් ද රක්ෂා කරන්නෝ නම්,
ඔවුන්ගේ පුතුන්
සදහට ම ඔබගේ සිංහාසනය දරනු ඇත.”
13මන්ද ස්වාමින්වහන්සේ සියොන් පුරය තෝරාගත් සේක්,
එය ස්වකීය වාසස්ථානය කර ගැනීමට ආශා වූ සේක;
14“සදහට ම මගේ විවේක ස්ථානය මෙයයි,
මම එහි සිහසුන්ගත වන්නෙමි. මන්ද මගේ අභිලාෂය එයයි.
15මම ඇයට ආහාර බහුලත්වයෙන් ආශිර්වාද කරන්නෙමි;
ඇගේ දිළිඳුන් භෝජනයෙන් තෘප්තිමත් කරන්නෙමි.
16මම ඇගේ පූජකයින්ට ගැලවීමේ සළු පලඳවමි;
එහි ශුද්ධවතුන් සැමදා ප්‍රීති ඝෝෂා නගනු ඇත.
17“මම දාවිත්ට දළු ලන අඟක් එහි සාදන්නෙමි.
මගේ අභිෂේක ලත් තැනැත්තාට මම පහනක් සූදානම් කළෙමි.
18මම ඔහුගේ සතුරන් ලජ්ජාවෙන් හඳවන්නෙමි.
එහෙත් ඔහුගේ හිසේ ඔටුන්න දීප්තියෙන් බැබළේ.”
Currently Selected:
ගීතාවලිය 132: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: