ගීතාවලිය 109
109
ගීතාවලිය 109
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගෙනි. ගීතයකි.
1අහෝ මා ප්‍රශංසා කරන දෙවියන්වහන්ස,
නිහඬ ව නො සිටිය මැනව.
2මන්ද, දුෂ්ට වූ ද රැවටිලිකාරවූ ද මිනිසුන් මට එරෙහිව,
ඔවුන්ගේ මුව විවර කර,
මට එරෙහිව, මුසා පවසා ඇත.
3ඔවුහු ද්වේෂ සහගත වදනින් මා වට කොට,
අහේතුක ව මට පහර දෙති.
4මගේ මිත්‍රත්වය වෙනුවට ඔවුහු මට වරද පවරති;
එහෙත් මම යාච්ඤාවේ මනුෂ්‍යයෙක්මි.
5කළ හොඳට ඔවුන් මට සලකන්නේ නො හොඳිනි;
මා ආදරය පාද්දී ඔවුහු මට වෛර කරති.
6ඔහුට එරෙහි වීමට දුෂ්ට මිනිසකු පත් කරන්න;
ඔහුට චෝදනාකරන්නකු ඔහුගේ දකුණු පසින් නැගී සිටීවා!
7විනිශ්චයේදී ඔහු වරදකරු වශයෙන් තීන්දු කෙරේවා;
ඔහුගේ ආයාචනය ද ඔහු දඬුවමට පත් කෙරේවා!
8ඔහුගේ ජීවිත කාලය අල්ප වේවා;
ඔහුගේ තනතුරට වෙනකකු පත් වෙත්වා!
9ඔහුගේ දරුවන් පියා නැති අනාථයින් ද
ඔහුගේ බිරිඳ වැන්දඹුවක ද වේවා!
10ඔහුගේ දරුවෝ සිඟමින්, ඉබාගාතෙ යත්වා;
ගරා වැටුණු ඔවුන්ගේ ගෙවලින් ඔවුහු පන්නා දමනු ලබත්වා!
11ණය හිමියා ඔහු සන්තක සියල්ල අත්කර ගනීවා;
දුක් මහන්සියෙන් ඔහු උපයා ගත් දෑ විදෙස්සෝ පැහැර ගනිත්වා!
12කිසිවෙක් හෝ ඔහුට කරුණාව නො දක්වත්වා;
කිසිවෙක් හෝ ඔහුගේ අනාථ දරුවනට අනුකම්පා නො කරත්වා!
13ඔහුගෙන් පැවත එන්නෝ සිඳ දමනු ලබත්වා;
ඔවුන්ගේ නාම ඊළඟ පරම්පරාවේදී ම මකා දමනු ලැබේවා!
14ඔහුගේ පියවරුන්ගේ අයුතුකම්, ස්වාමින්වහන්සේ ඉදිරියේ සිහි කරනු ලැබේවා;
ඔහුගේ මවගේ පාපය, කිසි කල නො මැකේවා!
15ඔවුන් පිළිබඳ මතකය, පොළෝ තලයෙන් සිඳ දමන පිණිස,
ඔවුන්ගේ පාප, ස්වාමින්වහන්සේ ඉදිරියේ සදා පවතීවා!
16මන්ද, කිසි කල කරුණාවක් දක්වන්නට සිතුවේවත් නැති ඔහු,
දුගියන් ද දුප්පතුන් ද බිඳුණු සිතැත්තන් ද
මැරෙන තුරා ඔවුන් දඩයම් කළේ ය.
17ශාප කරන්නට ඔහු ඇලුම් කළේ ය;
ශාපය ඔහු පිටට පැමිණේවා!
ආශිර්වාද කරන්නට ඔහු මනාප නො වී ය;
ආශිර්වාද ඔහුගෙන් දුරින් දුරු වේවා!
18ඔහු තම වස්ත්‍රය මෙන් ශාප කිරීම හැඳ සිටී;
ජලය මෙන් ඔහුගේ සිරුර තුළට ද
තෙල් මෙන් ඔහුගේ ඇට මිදුලු තුළට ද එය උරා ගනී.
19එය, ඔහු ඇඟ දවටා සිටින කබායක් මෙන් ද
ඔහු බැඳ සිටින ඉඟ පටියක් මෙන් ද සදහට ම ඔහු වටා පවතීවා!
20මට චෝදනාකරන්නන්ටත්, මා ගැන නපුර කතාකරන්නන්ටත්
ස්වාමින්වහන්සේගෙන් ලැබෙන ගෙවීම එය වේවා!
21එහෙත් ඔබ, අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස,
මා සම්බන්ධ ව ඔබගේ නාමයේ ගෞරවයෙන් ක්‍රියා කළ මැනව;
ඔබගේ නොමියෙන ප්‍රේමයේ යහ ගුණයෙන් මා මුදනු මැනවි.
22මන්ද මම දුප්පතෙක්මි. දිළින්දෙක්මි;
මගේ හදවත වේදනාවෙන් පෙළෙයි.
23මැකීයන, සැඳෑ සෙවණැල්ල සේ මම පහව යමින් සිටිමි;
පළඟැටියකු සේ මම ඉවත ගසා දමනු ලැබ සිටිමි.
24නිරාහාර ව සිටීමෙන් මගේ දණහිස් බෙලහීන ව ඇත;
මගේ සිරුර වැහැරී, කෘශ ව ගොසිනි.
25මට චෝදනාකරන්නන්ට මා සමච්චලයට හේතුවකි;
ඔවුහු මා දකින කල තමන්ගේ හිස් වන වනා යති.
26මට උපකාර කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස,
ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව මා ගැලෙවුව මැනවි.
27තවද, එය කළේ ඔබ, ඔබේ ම හස්තයෙන් වග අහෝ ස්වාමින්වහන්ස,
එය ඔබ ම කළ දෙයක් වග ඔවුන්ට දැනගන්නට සැලසුව මැනව.
28ඔවුහු ශාප කරත්දෙන්; එහෙත් ඔබ ආශිර්වාද කරන සේක;
ඔවුන් මට පහර දෙන කල ලජ්ජාවට පත් කරනු ලබති.
එහෙත් ඔබගේ සේවක මම ප්‍රීතිමත් වන්නෙමි.
29මට චෝදනාකරන්නෝ නින්දාවෙන් හඳවනු ලැබ,
ලජ්ජාවේ කබායෙන් දවටනු ලබන්නෝ ය.
30මගේ මුවින් මම ස්වාමින්වහන්සේට මහත් සේ ප්‍රශංසා කරන්නෙමි.
මහා ජන සමූහයා මැද මම, උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
31මන්ද දිළිඳාට මරණ දඬුවම දෙන්නන්ගෙන් ඔහු ගලවා ගනු පිණිස
උන්වහන්සේ දිළිඳාගේ දකුණු පසින් සිටගන්නා සේක.
Currently Selected:
ගීතාවලිය 109: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: