ගීතාවලිය 110
110
ගීතාවලිය 110
දාවිත්ගෙනි. ගීතයකි.
1 ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට මෙසේ පවසන සේක:
“මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට,
පා පුටුවක් කර දෙන තෙක්
මගේ දකුණු පස අසුන් ගන්න.”
2 ස්වාමින්වහන්සේ සියොනෙහි සිට ඔබේ පරාක්‍රමයේ ජයකොන්තය, දීර්ඝ කරන සේක;
ඔබේ සතුරන් මධ්‍යයේ ඔබ රජකම් කරනු ඇත.
3ඔබේ සංග්‍රාම දවසේ ඔබේ ජනයා,
සිය කැමැත්තෙන් ඉදිරිපත් වන්නෝ ය;
අරුණැල්ලේ ගර්භයෙන් නික්ම,
පෙළ ගැසී එන ශුද්ධ රාජශ්‍රීය සමඟ
ඔබේ යෞවනයේ පිනි ඔබට හිමි වන්නේ ය.
4“ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළට
සදාතනික පූජකයෙකැ” යි
ස්වාමින්වහන්සේ දිවුළ සේක;
උන්වහන්සේ එය වෙනස් නො කරන සේක.
5ස්වාමියාණෝ ඔබගේ දකුණු පැත්තේ ය;
තම උදහසේ දවසේදී උන්වහන්සේ රජුන් පොඩිකර දමන සේක.
6උන්වහන්සේ මළවුන් ගොඩ ගසමින් ද ලොව පුරා වූ පාලකයින් විසුණු කර දමමින් ද
ජාතීන් විනිශ්චය කරන සේක.
7උන්වහන්සේ මග අයිනේ ඇති ඔයෙන් පානය කරන සේක;
මෙසේ උන්වහන්සේ තම හිස ඔසවන සේක.
Currently Selected:
ගීතාවලිය 110: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: