ගීතාවලිය 106
106
ගීතාවලිය 106
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද උන්වහන්සේ යහපත් ය;
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය.
2 ස්වාමින්වහන්සේගේ පරාක්‍රමවත් ක්‍රියා, ප්‍රකාශ කළ හැක්කේ කවරකුට ද?
උන්වහන්සේගේ ප්‍රශංසාව, මුළුමනින් ම ප්‍රකාශ කළ හැක්කේ කවරකුට ද?
3යුක්ති සහගත ව ක්‍රියා කරන්නෝ,
හෙවත් හැම විටෙක ම හරි දෑ කරන්නෝ භාග්‍යවත් ය.
4ඔබගේ ජනයාට ඔබ දයාව පානා කල, මා සිහි කළ මැනව අහෝ ස්වාමින්වහන්ස,
ඔබ ඔවුන් ගලවන කල, මට උපකාර කළ මැනව.
5ඒ, ඔබගේ තෝරාගත්තවුන්ගේ සමෘද්ධිය මා අත්විඳින පිණිසත්,
ඔබගේ ජනයාගේ ප්‍රීතියට මා පංගුකාර වන පිණිසත්,
ප්‍රශංසා දීමෙන් ඔබේ උරුමයට එක්කාසුවන පිණිසත් ය.
6අපේ පියවරුන් කළා සේ ම, අපිදු පව් කර ඇත්තෙමු;
අපි වැරදි කළෙමු; නපුරු ලෙස ක්‍රියා කර ඇත්තෙමු.
7අපේ පියවරුන් ඊජිප්තුවේ සිටියදී,
ඔබගේ හාස්කම් සිතට ගත්තේ නැත;
ඔබගේ ඉමහත් නොමියෙන ප්‍රේමය, ඔවුන්ගේ මතකයේ නො විණි.
මුහුද ළඟදී, රතු මුහුද ළඟදී ඔවුහු කැරලි ගැසූහ.
8එසේ වුව ද ස්වකීය පරාක්‍රමවත් බලය දක්වන පිණිස,
ස්වකීය නාමයේ ගෞරවය උදෙසා උන්වහන්සේ ඔවුන් ගැලවූ සේක.
9උන්වහන්සේ රතු මුහුදට තරවටු කළ සේක්, එය වියළුණේ ය;
කාන්තාරය මැදින් යන්නා සේ උන්වහන්සේ මුහුදු ගැඹුර ඔස්සේ ඔවුන් ගෙන ගිය සේක.
10සතුරු අතින් උන්වහන්සේ ඔවුන් ගැලවූ සේක;
එදිරිවාදීන් අතින් උන්වහන්සේ ඔවුන් මිදූ සේක.
11ජල කඳ ඔවුන්ගේ විරුද්ධවාදීන් වසා ගත්තේ,
ඔවුන්ගේ එකකුවත් ඉතිරි නො කරමිනි.
12එවිට උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කළ ඔවුහු,
උන්වහන්සේ පසසමින් ගී ගැයූහ.
13එහෙත් උන්වහන්සේ කළ දෑ, ඉක්මනින් අමතක කර දැමූ ඔවුන්,
උන්වහන්සේගේ උපදෙස් ලැබෙන තෙක් බලා සිටියේ නැත.
14කාන්තාරයේදී තමන්ගේ තෘෂ්ණාවට වසඟ වූ ඔවුහු,
පාළුකරයේදී දෙවියන්වහන්සේ පරීක්ෂා කළහ.
15එබැවින් උන්වහන්සේ ඔවුන් ඉල්ලූ දෑ දුන් සේක්,
ඒ සමඟ නාස්තිකාර රෝගයක් ද එවූ සේක.
16ඔවුහු කඳවුරේදී මෝසෙස්ටත්,
ස්වාමින්වහන්සේට කැප කරන ලද ආරොන්ටත්, ඊර්ෂ්‍යා කරන්නට වන්හ.
17පොළොව විවර ව, දාතාන් ගිල දැම්මා ය;
අබිරාම් හා ඔහුගේ පිරිස පසට යට කර දැම්මේ ය.
18ඔවුන්ගේ අනුගාමිකයින් පිට ගින්න ඇවුළුණේ ය;
ගිනි දැල්, එම දුෂ්ටයින් දවා දැම්මේ ය.
19හොරේබ්හි දී ඔවුහු වාත්තු වස්සකු සාදා,
ලෝහයෙන් කළ එම වාත්තු පිළිමයට නමස්කාර කළහ.
20ඔවුහු තමන්ගේ තේජෝමහිමයාණන්,
තණකොළ කන හරකකුගේ රූපයකට හුවමාරු කර ගත්හ.
21ඔවුහු දෙවියන්වහන්සේ අමතක කළහ;
ඊජිප්තුවේ ද ඉමහත් වික්‍රමයන් සිදුකර ඔවුන් ගැලවූ උන්වහන්සේ,
22හාම්වරුන්ගේ එම දේශයේදී ආශ්චර්යයන් ද
රතු මුහුද අබියසදී භයංකර දෑ ද පෑ තැනැන්වහන්සේ ය.
23එබැවින් ඔවුන් විනාශ කර දමන්නෙමැයි උන්වහන්සේ පැවසූහ.
එහෙත් මෝසෙස්, උන්වහන්සේ විසින් තෝරාගත් මනුෂ්‍යයා,
ඔවුන් විනාශ කර දැමීම වළක්වන්නට මැදිහත් ව,
උන්වහන්සේ ඉදිරියේ සිටගත්තා නො වේ ද?
24ඉන්පසු ඔවුහු ඒ මනස්කාන්ත දේශය හෙළා දැක්කාහු,
උන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස නො කළාහු ය.
25ඔවුහු තම කූඩාරම් තුළට වී, මැසිවිලි නැගුවාහු,
ස්වාමින්වහන්සේට කීකරු නො වූවාහු ය.
26එබැවින් උන්වහන්සේ එසවූ හස්තයෙන් යුතු ව ඔවුනට දිවුළේ,
පාළුකරයේදී ඔවුන් වැටී යන්නට සලස්වන බවටත්,
27ඔවුන්ගෙන් පැවත එන්නන්, ජාතීන් අතරේ වැටී යන්නට හා
ඒ ඒ දේශ මුළුල්ලේ ඔවුන් විසුරුවා දමන්නට සලසන බවටත් ය.
28ඔවුහු පෙයෝර්හි බාල් දේවතා නමස්කාරයට බැඳී,
පණනල නැති දෙවිවරුනට පිදූ පිදේනි වැළඳූහ;
29මෙසේ ඔවුහු තමන්ගේ දුෂ්ට ක්‍රියා මගින් ස්වාමින්වහන්සේ ප්‍රකෝප කළහ;
එබැවින් ඔවුන් අතර වසංගතයක් පැන නැංගේ ය.
30එවිට, පීනෙහාස් නැගිට අවුත්, යුක්තිය ඉටු කළේ ය;
වසංගතය නවතනු ලැබිණ.
31මතු පරපුරෙන්, පරපුරට හැමදා
එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබිණ.
32මෙරීබාහි ජලය ළඟදී ඔවුහු ස්වාමින්වහන්සේ කෝප ගැන්වූහ;
ඔවුන් නිසා මෝසෙස් කරදරේ වැටිණ.
33එසේ වූයේ ඔවුන් දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ට එරෙහිව කැරලි ගැසූ කල,
මෝසෙස්ගේ තොල් අතරින් රළු වචන පිට වූ නිසා ය.
34 ස්වාමින්වහන්සේ ඔවුනට දුන් අණ ඔවුන් පිළිපැද්දේ නැත;
ඔවුන් ඒ පිට ජාතීන් විනාශ කර දැමුවේ නැත.
35ඒ වෙනුවට එම ජාතීන් හා ආවාහ විවාහයෙන් මිශ්‍ර වූ ඔවුහු,
ඔවුන්ගේ සිරිත් විරිත් ද අනුගමන කරන්නට වන්හ.
36ඔවුහු ඒ ජාතීන්ගේ දේව රූප වන්දනා කළහ;
එය ඔවුන්ට මලපතක් විය.
37ඔවුහු තම පුතුන් ද
තම දූවරුන් ද යක්ෂයනට යාග කළහ.
38මෙසේ ඔවුහු නිදොස් ලේ වැගිරූහ,
කානාන්හි දේවතා රූපවලට
ඔවුන් තම පුතුන්ගේ හා තම දූවරුන්ගේ ලේ යාග කිරීම නිසා
දේශය ඔවුන්ගේ ඒ ලේවලින් කෙලෙසින.
39තමන් කළ දෑවලින් ඔවුහු තමන් ම දූෂ්‍ය කර ගත්හ;
තම ක්‍රියාවලින් ඔවුහු වේශ්‍යාකමෙහි තමන් ම යොදවා ගත්හ.
40එබැවින් ස්වාමින්වහන්සේ තම ජනයා සමඟ කෝප වූ සේක්,
තම උරුමය වූ එම ජනයා පිළිකුල් කළ සේක.
41උන්වහන්සේ, පිට ජාතීන් අතට ඔවුන් යටත් කළ නිසා,
ඔවුන්ගේ එදිරිවාදීන් ඔවුන් පාලනය කරන්නට වන්හ.
42ඔවුන්ගේ සතුරෝ ඔවුන් පීඩනයට පත් කළෝ,
තම බලයට ඔවුන් නතු කර ගත්හ.
43උන්වහන්සේ බොහෝ වාරයක් ඔවුන් මිදූ සේක;
එහෙත් කැරලිකාරකමට ම නැඹුරු වූ ඔවුහු,
තම පාප තුළ ම නැති නාස්ති වී ගියහ.
44එසේ වුව ද, ඔවුන්ගේ විලාපය ඇසුණු කල,
උන්වහන්සේ ඔවුන්ගේ දුක්ඛිත තත්වය සැලකූ සේක.
45ඔවුන් උදෙසා තම ගිවිසුම සිහි කළ උන්වහන්සේ,
ස්වකීය නොමියෙන ප්‍රේමයෙන් ඔවුනට මෙලෙක් බව දැක් වූ සේක.
46වහල්කමට ඔවුන් පත් කළ සියල්ලන් වෙතින්
ඔවුනට අනුකම්පාව ලැබෙන්නට සැලසූ සේක.
47අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස,
ඔබගේ ශුද්ධ නාමයට අප ස්තුති කරන පිණිසත්,
ඔබගේ ප්‍රශංසාව, මහිමයට පමුණු වන පිණිසත් අප ගැලෙවුව මැනවි,
පිට ජාතීන් වෙතින් අප එක් රැස් කළ මැනවි.
48ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට
සදාතනයෙන් සදාතනයට පැසසුම් අත් වේවා!
මුළු ජනතාව, “ආමෙන්” ය කියත්වා!
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
Currently Selected:
ගීතාවලිය 106: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: