YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:8-13

ගීතාවලිය 103:8-13 SCV

ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය. උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත, ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත; අපේ පාපවලට දිය යුතු පරිදි, උන්වහන්සේ අපට දඬුවම් කළේ නැත; අපේ අයුතුකම්වලට සුදුසු අනිටු විපාක දුන්නේ ද නැත. මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ, උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය. නැගෙනහිර, බස්නාහිරින් දුරස්ථ ව ඇත්තා සේ, අපේ අපරාධ, උන්වහන්සේ ඒ සා අප වෙතින් දුරු කළ සේක. පියකු තම දරුවනට අනුකම්පා කරන සේ, තමන්ට භය පක්ෂපාතවන්නන්ට ස්වාමින්වහන්සේ අනුකම්පා කරන සේක.