ගීතාවලිය 101
101
ගීතාවලිය 101
දාවිත්ගෙනි. ගීතයකි.
1නොමියෙන ප්‍රේමයත්, යුක්තියත් ගැන මම ගී ගයන්නෙමි;
අහෝ ස්වාමින්වහන්ස, මම ඔබට පැසසුම් ගී ගයන්නෙමි.
2දොසින් තොර ජීවිතයක් ගෙන යන්නට මම පරෙස්සම් වන්නෙමි;
ඔබ කවදා මා වෙත එන සේක් ද?
මගේ නිවස තුළ
මම නිදොස් හදෙකින් යුතු ව කටයුතු කරන්නෙමි.
3මගේ දෑස
කිසි නපුරකට යොමු නො කරමි.
අවිශ්වාසිකයින්ගේ ක්‍රියාවනට, මම ද්වේෂ කරන්නෙමි;
ඒවාට මම ඇලුම් නො වන්නෙමි.
4හදින් මුරණ්ඩු වූවන් වෙතින් මම ඈත් ව සිටින්නෙමි;
නපුර සමඟ මට කිසි ගනුදෙනුවක් නැත.
5තම අසල්වැසියා ගැන රහසේ අපවාද නගන කවරකු වුව,
මම නිහඬ කරන්නෙමි.
උඩඟු බැල්මෙන් හා අහංකාර හදවතින් යුතු කවුරුන් වුව
මම නො ඉවසන්නෙමි.
6මා සමඟ වාසය කරන පිණිස, මගේ අවධානය,
දේශයේ විශ්වාසවත් අය වෙත ය;
නිදොස් දිවියක් ගතකරන්නන්
මට සේවය කරනු ඇත.
7වංචනික ව කටයුතු කරන කිසිවකුත්
මගේ නිවසෙහි වාසය නො කරනු ඇත.
මුසාව පවසන කිසිවකු
මා අබියස නො සිටිනු ඇත.
8දේශයේ සිටින සියලු දුෂ්ටයින්
උදයෙන්, උදය මම වනසන්නෙමි;
දුෂ්ටකම් කරන හැම කෙනකු ම
ස්වාමින්වහන්සේගේ පුරවරයෙන් සිඳ දමන්නෙමි.
Currently Selected:
ගීතාවලිය 101: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: