හිතෝපදේශ 13
13
1ප්‍රඥාවත් පුත්‍රයා තම පියාගේ උපදෙස්වලට කන් දෙයි;
එහෙත් ගැරහුම්කරුවා තරවටුවට සවන් නො දෙයි.
2තම තොල්වල පලවලින් මිනිසෙක් යහ දෑ භුක්ති විඳියි;
එහෙත් ද්‍රෝහීන්ගේ දැඩි ආශාව සැහැසිකමට ය.
3තම කට රැක ගන්නා තම දිවි රැක ගනී;
එහෙත් දුර දිග නො බලා කතා කරන්නා විනාශයට පැමිණේ.
4අලසයා දැඩි ව ආශා වන නමුදු ඔහුට කිසිවක් නො ලැබේ;
එහෙත් උත්සාහවන්තයාගේ ආශා මුළුමනින් ම ඉටු වේ.
5දමිටු දනා අසත්‍යයට ද්වේෂ කරති;
එහෙත් දුෂ්ටයෝ පිළිකුලත්, නින්දාවත් ගෙන එති.
6ධර්මිෂ්ඨත්වය ඍජු ගති ඇත්තන් රැකවල් කරයි;
එහෙත් දුෂ්ටකම පව්කරුවන් හෙළා දමයි.
7ඇතැම් අය තමනට කිසිවක් නැති නමුදු, ධනවත් වගක් මවා පාති;
වෙනත් අය මහා ධනයක් හිමි නමුදු, දුගී වගක් අඟවති.
8ධනවතාට තම ධනය තම ජීවිතය මිදීමේ මිලයකි;
එහෙත් දුප්පතාට එවැනි තර්ජනයක් නැත.
9ධර්මිෂ්ඨයින්ගේ ආලෝකය දීප්තිමත් ව බබළයි;
එහෙත් අධර්මිෂ්ඨයින්ගේ පහන නිවා දැමේ.
10අහංකාරයෙන් හට ගන්නේ කලහ පමණි;
එහෙත් අවවාද පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
11වංචනික ව ලද මුදල් වහා දියවී යයි;
එහෙත් ටිකෙන් ටික රැස් කර ගන්නා එය වැඩි කර ගනී.
12බලාපොරොත්තු ඉටුවීම පමාවීමෙන් සිත් කලකිරේ;
එහෙත් ආශාවන් ඉටුවීම ජීවන වෘක්ෂයකි.
13අවවාද හෙළා දකින්නා එහි ප්‍රතිවිපාක විඳියි;
එහෙත් ආඥා ගරුකරන්නා එහි ඉටු විපාක ලබයි.
14ප්‍රඥාවතුන්ගේ ගුරුහරුකම් ජීවනයේ උල්පතකි;
මරණයේ උගුල්වලින් ඒවා කෙනකු ඉවත හරවයි.
15නිසි වැටහීම ප්‍රසාදය දිනාගනී;
එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය ඔවුන්ගේ විනාශය ය.
16හැම බුද්ධිමත් මිනිසා ම අවබෝධයෙන් ක්‍රියා කරයි;
එහෙත් අඥානයා තම මෝඩකම ප්‍රදර්ශන කරයි.
17දුෂ්ට පණිවුඩකරුවා කරදරේ වැටෙයි;
එහෙත් විශ්වාසී නියෝජිතයා සුවය ගෙනෙයි.
18උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි;
එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි.
19ආශා වූ දෑ ඉෂ්ටවීම කෙනකුට මිහිරකි;
එහෙත් නපුරෙන් ඉවත හැරීම අඥානයින්ට පිළිකුලකි.
20ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි;
එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි.
21අභාග්‍යය, පව්කරුවා ලුහුබඳී;
එහෙත් දමිටුන්ගේ ප්‍රතිලාභය ඉසුර ය.
22හොඳ මිනිසා තම දරුවන්ගේ දරුවන්ට ද උරුමයක් තබා යයි;
එහෙත් පව්කරුවාගේ වස්තුව දමිටුන් සඳහා ගබඩා කොට ඇත.
23වගා නො කළ කෙත්වල දුප්පතාට ආහාර බෝග හට ගැනේ;
එහෙත් අයුක්තියෙන් ඒවා ගසා ගෙන යයි.
24වේවැල අතට නො ගැනීමෙන් පියා තම පුතුට හතුරුකමක් කරයි;
එහෙත් තම පුතුට ප්‍රේම කරන්නා ඔහු හික්මවීමට සැලකිලිමත් වෙයි.
25දමිටු දනා තම හදවත් තෘප්තිමත් වන සේ අහර ගනිති;
එහෙත් දුෂ්ටයින්ගේ කුසේ කුස ගිනි තිබේ.
Currently Selected:
හිතෝපදේශ 13: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.