1
හිතෝපදේශ 13:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි; එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි.
Compare
Explore හිතෝපදේශ 13:20
2
හිතෝපදේශ 13:3
තම කට රැක ගන්නා තම දිවි රැක ගනී; එහෙත් දුර දිග නො බලා කතා කරන්නා විනාශයට පැමිණේ.
Explore හිතෝපදේශ 13:3
3
හිතෝපදේශ 13:24
වේවැල අතට නො ගැනීමෙන් පියා තම පුතුට හතුරුකමක් කරයි; එහෙත් තම පුතුට ප්‍රේම කරන්නා ඔහු හික්මවීමට සැලකිලිමත් වෙයි.
Explore හිතෝපදේශ 13:24
4
හිතෝපදේශ 13:12
බලාපොරොත්තු ඉටුවීම පමාවීමෙන් සිත් කලකිරේ; එහෙත් ආශාවන් ඉටුවීම ජීවන වෘක්ෂයකි.
Explore හිතෝපදේශ 13:12
5
හිතෝපදේශ 13:6
ධර්මිෂ්ඨත්වය ඍජු ගති ඇත්තන් රැකවල් කරයි; එහෙත් දුෂ්ටකම පව්කරුවන් හෙළා දමයි.
Explore හිතෝපදේශ 13:6
6
හිතෝපදේශ 13:11
වංචනික ව ලද මුදල් වහා දියවී යයි; එහෙත් ටිකෙන් ටික රැස් කර ගන්නා එය වැඩි කර ගනී.
Explore හිතෝපදේශ 13:11
7
හිතෝපදේශ 13:10
අහංකාරයෙන් හට ගන්නේ කලහ පමණි; එහෙත් අවවාද පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
Explore හිතෝපදේශ 13:10
8
හිතෝපදේශ 13:22
හොඳ මිනිසා තම දරුවන්ගේ දරුවන්ට ද උරුමයක් තබා යයි; එහෙත් පව්කරුවාගේ වස්තුව දමිටුන් සඳහා ගබඩා කොට ඇත.
Explore හිතෝපදේශ 13:22
9
හිතෝපදේශ 13:1
ප්‍රඥාවත් පුත්‍රයා තම පියාගේ උපදෙස්වලට කන් දෙයි; එහෙත් ගැරහුම්කරුවා තරවටුවට සවන් නො දෙයි.
Explore හිතෝපදේශ 13:1
10
හිතෝපදේශ 13:18
උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි; එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි.
Explore හිතෝපදේශ 13:18
Home
Bible
Plans
Videos