හිතෝපදේශ 10
10
සාලමොන්ගේ හිතෝපදේශ
1සාලමොන්ගේ හිතෝපදේශ:
ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ,
අඥාන පුත්‍රයා තම මව ශෝකයට පමුණුවයි.
2අදමිටුකමින් උපයා ගත් ධනයේ වටිනාකමක් නැත;
එහෙත් දමිටුකම මරණයෙන් ගලවයි.
3ධර්මිෂ්ඨයිනට කුස ගින්නේ සිටින්නට ස්වාමින්වහන්සේ ඉඩ නො තබන සේක;
එහෙත්, දුෂ්ටයින්ගේ තෘෂ්ණාව ඉෂ්ටවීම වළකන සේක.
4කම්මැලි දෑත මිනිසකු දුප්පත් කරවයි;
එහෙත් උද්යෝගිමත් දෑත, ධනය ගෙන එයි.
5ග්‍රීෂ්ම කාලයේ පලදාව එක් රැස් කරන්නා නැණවත් පුතෙකි;
අස්වනු කාලයේ නිදාගන්නා නින්දා සහගත පුතෙකි.
6ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශිර්වාද වෙයි;
එහෙත් දුෂ්ටයාගේ මුඛය සැහැසිකම මුවා කර ගනී.
7ධර්මිෂ්ඨයින් ගැන මතකය ද ආශිර්වාදයකි;
එහෙත් දුෂ්ටයාගේ නාමය දිරා යයි.
8ප්‍රඥාවත් හදවතක් ඇත්තා, අණ-පනත් පිළිගනී;
එහෙත් වාචාල අඥානයා විනාශයට පත් වේ.
9ඍජු ගතියෙන් කටයුතු කරන්නා, සුරක්ෂිත ව දිවි ගෙවයි;
එහෙත් ඇද මාවත්වල යන්නාගේ වංකකම එළි වෙයි.
10ඇසින් ඉඟිකරන්නා කරදර උපද්දයි;
වාචාල අඥානයා විනාශයට ළං වෙයි.
11දමිටු මිනිසකුගේ මුඛය, ජීවනයේ උල්පතකි;
එහෙත් දුෂ්ටයාගේ මුඛය, සැහැසිකම මුවා කර ගනී.
12ද්වේෂය, ආරවුල් කලඹවයි;
එහෙත් ප්‍රේමය, සියලු වැරදි වසාලයි.
13අවබෝධය ඇත්තාගේ තොල් අතරේ ප්‍රඥාව ඇත්තේ ය;
එහෙත් විචාර බුද්ධිය හීන අයගේ පිටුපසට වේවැල් පහර ය.
14ප්‍රඥාවත්හු දැනුම රැස් කර ගනිති;
එහෙත් අඥානයාගේ මුඛය විනාශයට අඬගසයි.
15ධනවතාට තම ධනය බළකොටු පුරවරයකි;
දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ ම දුප්පත්කමයි.
16දමිටුන්ගේ වැටුප ඔවුනට ජීවනය ගෙනේ;
එහෙත් දුෂ්ටයන්ගේ ආදායම ඔවුනට පාපය ගෙනේ.
17උපදෙසට ඇහුම්කන්දෙන්නා, ජීවනයේ මාවතේ සිටී;
එහෙත් නිවැරදි කිරීම් පිටුදකින්නා, අන් අයට ද නොමගට මග පෙන්වයි.
18තම වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇත්තෙකි;
අපවාද පතුරන්නා අඥානයෙකි.
19වචන බහුල ව කියැවෙන කල පාපය හිඟ නො වේ;
එහෙත් තම දිව පාලනය කර ගන්නා නුවණැත්තෙකි.
20දමිටු මිනිසාගේ දිව අගනා රිදී ය;
එහෙත් අදමිටුවාගේ හදවත නො වටනේ ය.
21දමිටු කෙනකුගේ තොල්වලින් බොහෝ දෙනකු පෝෂණ කෙරේ;
එහෙත් අඥානයෝ නො වැටහීමෙන් මිය යති.
22 ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය ධනය ගෙන එයි;
උන්වහන්සේ කරදර ඊට එක් නො කරන සේක.
23නපුර කිරීම අඥානයාට සෙල්ලමකි;
එහෙත් අවබෝධය ඇත්තා ප්‍රඥාවෙහි ප්‍රීති වෙයි.
24දුෂ්ටයා බය වන දේ, ඔහු පිටට පැමිණේ;
ධර්මිෂ්ඨයා ආශා වන දේ ඔහුට දෙනු ලැබේ.
25චණ්ඩ කුණාටුව හැමූ කල, දුෂ්ටයා පහව ගොසිනි.
එහෙත් ධර්මිෂ්ඨයා සදහට ම ස්ථාවර ව පිහිටා සිටී.
26දත්වලට විනාකිරි යම් සේ ද, ඇස්වලට දුම යම් සේ ද,
අලසයා ද ඔහු එවූ තැනැත්තාට එසේ ම වන්නේ ය.
27 ස්වාමින්වහන්සේට භයවීමෙන් ආයුෂ දිගු කෙරේ;
එහෙත් දුෂ්ටයින්ගේ ජීවිත අවුරුදු කෙටි කෙරේ.
28ධර්මිෂ්ඨයාගේ අපේක්ෂාව ප්‍රීතියයි;
එහෙත් දුෂ්ටයාගේ බලාපොරොත්තු සුන් වෙයි.
29 ස්වාමින්වහන්සේගේ මාර්ගය, අවංක තැනැත්තාට පිළිසරණකි;
එහෙත් නපුර කරන්නාට එය විනාශයකි.
30ධර්මිෂ්ඨයා කිසි කලෙක උදුරා දමනු නො ලැබේ;
එහෙත් දුෂ්ටකම් කරන්නා දේශයෙහි නො රැඳේ.
31ධර්මිෂ්ඨයාගේ මුඛයෙන් ප්‍රඥාව ගෙන ඒ;
එහෙත් අගතිගාමී දිව සිඳ දැමේ.
32ධර්මිෂ්ඨයාගේ කතාව තැනට උචිත පරිදි ය;
එහෙත් දුෂ්ටකම්කරන්නාගේ මුවින් පිට වන්නේ දුෂ්ට කතා ය.
Currently Selected:
හිතෝපදේශ 10: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.