YouVersion Logo
Search Icon

මතෙව් 25:40-45

මතෙව් 25:40-45 SCV

“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයින්ගෙන් ඉතාම සුළු කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත. “ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත් ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙල ව ඇති සදාතන ගින්නට යනු. මන්ද මා සාගිනි ව සිටියා; ඔබ මට ආහාර දුන්නේ නෑ. මා පිපාසිත ව සිටියා; ඔබ මට බොන්නට දුන්නේ නෑ. මා ආගන්තුක ව සිටියා; ඔබ මා පිළිගත්තේ නෑ. මා නිර්වස්ත්‍ර ව සිටියා; ඔබ මට ඇඳුම් ඇන්දුවේ නෑ. මා රෝගී ව සිටියා; සිරගත ව සිටියා; ඔබ මා බලන්නට ආවේ නෑ’ යි කියනු ඇත. “ඔවුහු ද පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනි ව හෝ පිපාසිත ව හෝ ආගන්තුක ව හෝ නිර්වස්ත්‍ර ව හෝ රෝගී ව හෝ සිරගත ව හෝ සිටිනු දැක, අප ඔබට උපස්ථාන නො කළේ කවරදා දැ?’ යි අසනු ඇත. “එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මොවුන්ගෙන් කුඩා ම කෙනකුට ඔබ යමක් නො කළේ වේ ද, ඔබ එය නො කළේ මට යැ’ යි පවසනු ඇත.