ලෙවී 20
20
පාප සඳහා දඬුවම්
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“තවද, ඉශ්‍රායෙල් ජනතාවට මෙසේ කියන්න. ‘තම දරුවකු මොලෙක් දේවතාවාට බිලිදෙන යම් ඉශ්‍රායෙල්වරයකු හෝ ඉශ්‍රායෙල්හි වෙසෙන යම් විදෙස්සකු හෝ වේ ද, ඔහු මරා දැමිය යුතු ය. දේශයේ ජනයා ඔහුට ගල් ගැසිය යුතු ය. 3මම ඔහුට එරෙහිව මගේ මුහුණ හරවා, ඔහුගේ ජනයා වෙතින් ඔහු සිඳ දමන්නෙමි. මන්ද, තම දරුවන් මොලෙක්ට දීමෙන්, ඔහු මගේ ශුද්ධස්ථානය කෙලෙසා, මගේ ශුද්ධ නාමයට ද නින්දා කළ බැවිනි. 4ඒ මිනිසා තම දරුවකු මොලෙක්ට බිලි දෙද්දී, දේශයේ ජනයා ඒ ගැන තැකීමක් නො කර, ඊට ඇස් පියාගෙන, ඔහු මරා නො දමන්නේ නම්, 5මම ඒ මිනිසාටත්, ඔහුගේ පවුලටත් එරෙහිව මගේ මුහුණ යොමා, මොලෙක් සමඟ සල්ලාලකම් කරන ඒ මිනිසාත්, ඔහු පස්සේ යන සියලු දෙනාත්, ඔවුන්ගේ ජනයා අතරින් සිඳ දමන්නෙමි.
6“ ‘පේන කියන්නන් ද ආත්ම බන්ධනකරුවන් ද වෙත හැරී, ඔවුන් පසු පස යෑමේ සල්ලාලකමෙහි යෙදෙන කවරකුට වුව ද එරෙහිව මගේ මුහුණ යොමා, ස්වකීය ජනයා වෙතින් මම ඔහු සිඳ දමන්නෙමි.
7“ ‘ඔබ ම පවිත්‍ර කර ගෙන ශුද්ධවත් වන්න; මන්ද ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. 8මගේ නියමයන් රක්ෂා කරන්න; ඒවා පිළිපදින්න; ඔබ ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ#20:8 ඔබ ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ හෙබ්‍රෙව් මෙකද්දිෂ්කෙම් මම ය.
9“ ‘තම පියාට හෝ තම මවට හෝ ශාප කරන කවරකු වුව මරා දැමිය යුතු ය; ඔහු තම පියාට හෝ තම මවට හෝ ශාප කළ බැවින්, ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට වන්නේ ය.
10“ ‘යමෙක් අනෙකකුගේ බිරිඳ සමඟ–තම අසල්වැසියාගේ බිරිඳ සමඟ–පරදාර සේවනයේ යෙදේ නම්, එම පරදාරික පුරුෂයා හා පරදාරික ස්ත්‍රිය යන දෙදෙනා ම මරා දැමිය යුතු ය.
11“ ‘යමෙක් තම පියාගේ බිරිඳ සමඟ සයනය කරයි නම්, ඔහු තම පියාගේ නග්නත්වය නිරාවරණ කරයි. ඒ පුරුෂයාත්, ස්ත්‍රියත් යන දෙදෙනා ම මරා දැමිය යුතු ය. ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම හිස පිට වන්නේ ය.
12“ ‘යමෙක් තම ලේළි සමඟ සයනය කරයි නම්, ඒ දෙදෙනා ම මරා දැමිය යුතු ය, ඔවුන්ගේ ක්‍රියාව දුරාචාරයකි. ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම හිස පිට වන්නේ ය.
13“ ‘යමෙක් ස්ත්‍රියක සමඟ විලස පිරිමියකු සමඟ ලිංගික ව හැසිරෙන්නේ නම්, එය දැඩි පිළිකුලකි. ඔවුන් මරා දැමිය යුතු ය. ඔවුන්ගේ ලේ ඔවුන්ගේ හිස පිට ම වන්නේ ය.
14“ ‘යමෙක් කාන්තාවක හා ඇගේ මව යන දෙදෙනා ම භාර්යාවන් කොට ගතහොත්, එය දුෂ්ටකමෙකි. ඔබ අතරෙහි එබඳු දුෂ්ටකමක් තවත් නො වන පිණිස, ඒ තිදෙනාට ම ගිනි තැබිය යුතු ය.
15“ ‘යමෙක් යම් සතකු සමඟ ලිංගික අපචාරයක යෙදුණොත්, ඔහු මරා දැමිය යුතු ය. එම සතා ද මරා දැමිය යුතු ය.
16“ ‘යම් ස්ත්‍රියක් ලිංගික අපචාරයක් සඳහා යම් සතකු වෙත ළං වුවහොත්, එම ස්ත්‍රිය ද එම සතා ද යන දෙදෙනා ම මරා දමන්න. ඔවුන් මරා දැමිය යුතු ය. ඔවුන්ගේ ලේ ඔවුන්ගේ හිස පිට වන්නේ ය.
17“ ‘යමෙක් තම පියාගේ හෝ තම මවගේ හෝ දියණියක වන තම සහෝදරියක ගෙන, ඇගේ නග්නත්වය දුටුවහොත් හා ඇය ඔහුගේ නග්නත්වය දුටුවොත් එය නීචකමෙකි. ඔවුන්ගේ ජනයාගේ ඇස් හමුවෙන් ඔවුන් සිඳ දැමිය යුතු ය. ඔහු තම සහෝදරියගේ නග්නත්වය නිරාවරණ කළ බැවින් එහි දඬුවම ඔහු විඳිය යුතු ය.
18“ ‘කාන්තාවකගේ මාසික ඔසප්වීමේ දවස්හි යමෙක් ඇය හා සයනය කර, ලිංගික සේවනයේ යෙදුණහොත්, ඔහු ඇගේ ලේ ගැලීමේ හේතුව ප්‍රදර්ශන කළා වෙයි. ඇය ද එය ආවරණ කර නො ගත්තා වෙයි. ඔවුන් දෙදෙනා ම ඔවුන්ගේ ජනයා වෙතින් සිඳ දැමිය යුතු ය.
19“ ‘ඔබේ මවගේ සහෝදරියගේ හෝ ඔබේ පියාගේ සහෝදරියගේ නග්නත්වය නිරාවරණ නො කරන්න. නැතහොත් සමීප නෑ සබඳකමත් කෙලෙසෙයි. ඒ දෙදෙනා ම එහි දඬුවම විඳිය යුතු ය.
20“ ‘යමෙක් තම මහප්පාගේ හෝ බාප්පාගේ බිරිඳ සමඟ ලිංගික සේවනය කළහොත් ඔහු තම මහප්පාගේ හෝ බාප්පාගේ නග්නත්වය නිරාවරණ කළා වෙයි. ඔවුන් තම පාපය දැරිය යුතු ය. ඔවුන් දරුවන් නො ලැබ මියෙනු ඇත.
21“ ‘යමෙක් තම සහෝදරයාගේ බිරිඳ ආවාහ කරගතහොත්, එය නීචකමෙකි. ඔහු තම සහෝදරයාගේ නග්නත්වය නිරාවරණ කළා වෙයි. ඔවුනට දරුවන් නො ලැබේ.
22“ ‘පදිංචිවීම සඳහා මා ඔබ පමුණු වන දේශය විසින් ඔබ වමාරනු නො ලබන පිණිස, මගේ සියලු නියෝග හා මගේ සියලු නියමයන් රක්ෂා කරන්න. ඒවා අනුගමන කරන්න. 23ඔබ ඉදිරියෙන් මවිසින් පන්නා දමනු ලබන ජාතීන්ගේ සිරිත් විරිත් අනුව කටයුතු නො කරන්න. මන්ද ඉහත කී හැම දෙයක් ම ඔවුන් කළ බැවින්, මම ඔවුන් පිළිකුල් කළෙමි. 24එහෙත් මා ඔබට කීවේ, “ඔවුන්ගේ දේශය ඔබ අත්පත් කර ගන්නේ ය. කිරි හා පැණි ගලා යන ඒ දේශය මම ඔබට උරුමයක් කොට දෙන්නෙමි” කියා ය. ජාතීන් අතරින් ඔබ වෙන් කර ගනු ලැබූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
25“ ‘එබැවින්, පවිත්‍ර හා අපවිත්‍ර සතුන් අතර ද පවිත්‍ර හා අපවිත්‍ර පක්ෂීන් අතර ද වෙනස ඔබ පැහැදිලි ව ම සැලකිල්ලට ගත යුතු ය. ඔබට අපවිත්‍රයයි මා නම් කළ සිවුපාවුන් හෝ පක්ෂීන් හෝ භූමියේ බඩ ගා යන සතුන් හෝ යන සතකුගෙන් වුව ඔබ අපවිත්‍ර නො වන්න. 26ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින්, ඔබත් මට ශුද්ධ ව සිටිය යුතු ය. මා සන්තක ජනතාවක් වන පිණිස, ජාතීන් අතරින් මම ඔබ වෙන් කර ගතිමි.
27“ ‘පේන කියන නොහොත් ආත්ම බන්ධන යම් පුරුෂයකු හෝ ස්ත්‍රියක ඔබ අතරේ වේ ද, ඔහු හෝ ඇය හෝ මරණයට පත් කළ යුතු ය. ඔබ ඔවුනට ගල් ගැසිය යුතු ය. ඔවුන්ගේ ලේ, ඔවුන්ගේ ම හිස පිට වන්නේ ය.’ ”
Currently Selected:
ලෙවී 20: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.