යෝෂුවා 15
15
යූදා ගෝත්‍රයට දුන් කොටස
1යූදා ගෝත්‍ර වංශික ජනයාට ඔවුන්ගේ පෙළපත්වලට අනුව වෙන් වූ කොටස දකුණු දෙසට ඒදොම් දේශ සීමාව තෙක්, දකුණේ ඈත සීන් කාන්තාරය තෙක් විහිදිණි.
2ඔවුන්ගේ දකුණු සීමාව, ලුණු මුහුදු#15:2 ලුණු මුහුදු හෙවත් මළ මුහුද කෙළවර දකුණු දෙසට මුහුණ ලා පිහිටි මූදු බොක්කේ සිට දිව යයි. 3එය ගෝනුසු මංකඩ#15:3 ගෝනුසු මංකඩ හෙබ්‍රෙව් අක්‍රබ්බීම් නැගුම දකුණ හරහා සීන් දක්වා ගොස්, හෙස්රොන් ඔස්සේ දකුණු කාදෙෂ්-බර්නේය දක්වා විහිද, එතැනින් අද්දාර් දක්වා ගොස්, කර්කා වටා වක ගැසී, 4එතැනින් අස්මොන් ඔස්සේ ඊජිප්තු ඇළ ළඟින් ගොස්, මුහුදින් කෙළවර වෙයි. ඔවුන්ගේ#15:4 ඔවුන්ගේ හෙබ්‍රෙව් ඔබගේ දකුණු සීමාව එය වෙයි.
5නැගෙනහිර සීමාව, යොර්දාන් ගඟේ මෝය දක්වා වූ ලුණු මුහුද ය.
උතුරු දේශ සීමාව ඇරඹෙන්නේ, යොර්දාන් මෝය ළඟ ඇති මූදු බොක්කේ සිට ය. 6දේශ සීමාව බෙත්-හොග්ලා දක්වා ගොස්, බෙත්-අරාබා උතුර ඔස්සේ දිවෙයි. තවද දේශ සීමාව රූබෙන්ගේ පුත් බොහන්ගේ ගල තෙක් විහිදිණි. 7දේශ සීමාව එතැනින් ආකොර් මිටියාවතේ සිට දෙබීර් දක්වා ගොස්, දොරුවේ දකුණු පැත්තේ අදුම්මීම් නැග්ම ඉදිරිපිට ගිල්ගාල් දෙසට උතුරට හැරී, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ඔස්සේ ඒන්-රොගේල්හි දී කෙළවර විය. 8එතැනින් දේශ සීමාව, යෙබූසීය නුවර (එනම් යෙරුසලම) දකුණු බෑවුම අසලින් බෙන්-හින්නොම් මිටියාවත තෙක් විහිද, එතැනින් එය රෙෆායිවරුන්ගේ මිටියාවතේ උතුරු කෙළවර වූ හින්නොම් මිටියාවතේ බටහිර කඳු මුඳුන තෙක් විහිදේ. 9දේශ සීමාව එතැනින් කඳු මුඳුනේ සිට නෙෆ්තෝවා ජල උල්පත් තෙක් විහිද, එතැන් සිට එෆ්රොන් කන්දේ නගර දක්වා ද ගොස්, එතැන් සිට බාලා (එනම් කිරියත්-යෙයාරීම්) දෙසට වක ගැසෙයි. 10දේශ සීමාව බටහිර බාලා සිට සේයිර් කන්ද දක්වා කරකැවී, යෙයාරීම් කන්දේ (එනම් කෙසාලොන්) උතුරු බෑවුම ඔස්සේ ගොස්, බෙත්-ෂෙමෙෂ් දක්වා පහළ බැස, තිම්නා දක්වා දිගට ම දිවෙයි. 11දේශ සීමාව එක්‍රෝන්හි උතුරු බෑවුමට ගොස්, ෂික්කාරොන් වටා හැරී, දිගට ම බාලා කන්ද පසු කොට, යබ්නෙයෙල් දක්වා ගොස්, එතැනින් දේශ සීමාව මුහුදින් කෙළවර වේ.
12බටහිර දේශ සීමාව වූයේ, මධ්‍යධරණී වෙරළ තීරයයි.
යූදා ජනයාගේ පෙළපත්වලට අනුව වටකර තිබූ ඔවුන්ගේ දේශ සීමාව එයයි.
13 ස්වාමින්වහන්සේ යෝෂුවාට දුන් ආඥාවට අනුව, ඔහු යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට යූදා ජනයා අතරේ කොටසක් දුන්නේ ය. එය කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් ය. (අර්බා, අනාක්ගේ පියා විය.) 14කාලෙබ්, අනාක්ගෙන් පැවත එන ෂේෂයි, අහීමන් හා තල්මයි යන අනාක්ගේ පුතුන් තිදෙනා එතැනින් පන්නා දැමී ය. 15ඔහු එතැනින් දෙබීර් වැසියනට එරෙහිව ගියේ ය. කලින් දෙබීර් හැඳින්වූයේ කිරියත්-සේෆෙර් නමිනි. 16කාලෙබ් කතා කොට, “කිරියත්-සේෆෙර්ට පහර දී, එය අල්ලා ගන්නේ කවරෙක් ද ඔහුට මගේ දූ අක්සා, බිරිඳ වශයෙන් දෙන්නෙමි” යි පැවසී ය. 17කාලෙබ්ගේ සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලා ගත්තේ ය. එබැවින් ඔහු තම දූ අක්සා ඔහුට බිරිඳ කොට දුන්නේ ය.
18ඈ ඔහු වෙත ආ කල, ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහුට බල කළා ය. ඇය තම බූරුවා පිටින් බැස්ස කල, කාලෙබ්, “මොනවද ඔබට ඕනෑ?” යි ඇසී ය.
19ඈ ඔහුට පිළිතුරු දෙමින්, “මට වරයක් දෙන්න. ඔබ මට නෙගෙබ් දේශය දී තිබෙන බැවින් ජල උල්පතුත් දෙන්නැ” යි කීවා ය. එබැවින් ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඇයට දුන්නේ ය.
20ඔවුන්ගේ පෙළපත්වලට අනුව යූදා ගෝත්‍ර වංශික ජනයාගේ උරුමය මෙසේ ය:
21යූදා ගෝත්‍ර වංශික ජනයාට අයත් නගර මේවා ය: ඒදොම් දේශ සීමාව දෙසට දකුණේ අන්තයේ ම පිහිටි නගර,
කබ්සෙයෙල්, ඒදෙර්, යාගූර්, 22කීනා, දිමෝනා, අදාදා, 23කෙදෙෂ්, හාසොර්, ඉත්නාන්, 24සීෆ්, ටෙලෙම්, බෙයාලොත්, 25හාසොර්-හදත්තා, කෙරියොත්-හෙස්රොන් හෙවත් හාසොර්, 26අමාම්, ෂෙමා, මෝලාදා, 27හසර්-ගද්දා, හෙෂ්මෝන්, බෙත්-පෙලෙත්, 28හසර්-ෂූවාල්, බෙයර්ෂෙබා, බිස්යෝතියා, 29බාලා, ඉයීම්, එසෙම්, 30එල්තෝලද්, කෙසීල්, හොර්මා, 31සික්ලග්, මද්මන්නා, සන්සන්නා, 32ලෙබායොත්, ෂිල්හීම්, අයින් හා රිම්මෝන් ය. මේ නගර විසිනවයක් හා ඒවායේ ගම්මාන ය.
33බටහිර කඳු බෑවුම්හි#15:33 බටහිර කඳු බෑවුම්හි එනම් ෂෙෆේලා
එෂ්තායොල්, සෝරා, අෂ්නා, 34සානෝවා, ඒන්-ගන්නීම්, තප්පූවා, ඒනාම්, 35යර්මූත්, අදුල්ලාම්, සෝකෝ, අසේකා, 36ෂාරයිම්, අදීතයිම් හා ගෙදේරා හෙවත් ගෙදේරොතයිම් යන නගර දාහතර සහ ඒවායේ ගම්මාන.
37සෙනාන්, හදාෂා, මිග්දල්-ගාද්, 38දිලෙයාන්, මිස්පේ, යොක්තෙයෙල්, 39ලාකීෂ්, බොස්කත්, එග්ලොන්, 40කබ්බෝන්, ලාමාස්, කිත්ලීෂ්, 41ගෙදේරොත්, බෙත්-දාගොන්, නාමා හා මක්කේදා යන නගර දහසය සහ ඒවායේ ගම්මාන.
42ලිබ්නා, එතෙර්, ආෂාන්, 43ඉෆ්තා, අෂ්නා, නෙසීබ්, 44කෙයීලා, අක්සීබ් හා මාරේෂා යන නගර නවය සහ ඒවායේ ගම්මාන.
45එක්‍රෝන් එහි නගර සමඟ එහි ගම්මාන; 46එක්‍රෝන්හි සිට බටහිර දෙසට අෂ්දෝද් අසල වූ නගර සියල්ල ඇතුළු ඒවායේ ගම්මාන; 47අෂ්දෝද් සහ එහි නගර හා ගම්මාන; ඊජිප්තු ඇළ හා මධ්‍යධරණී මුහුදු තීරය දක්වා වූ ගාසා සහ එහි නගර හා ඒවායේ ගම්මාන.
48කඳු රටේ
ෂාමීර්, යත්තීර්, සෝකෝ, 49දන්නා, කිරියත්-සන්නා හෙවත් දෙබීර්, 50අනාබ්, එෂ්තෙමෝ, ආනීම්, 51ගෝෂෙන්, හොලොන් සහ ගිලෝ යන නගර එකොළහ හා ඒවායේ ගම්මාන.
52අරබ්, දූමා,#15:52 දූමා හෙබ්‍රෙව් රූමා එෂාන්, 53යානීම්, බෙත්-තප්පූවා, අෆේකා, 54හුම්ටා, කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් සහ සීයොර් යන නගර නවය සහ ඒවායේ ගම්මාන.
55මාවොන්, කර්මෙල්, සීෆ්, යුට්ටා, 56යෙස්රෙයෙල්, යොක්දෙයාම්, සානෝවා, 57කායින්, ගිබෙයා හා තිම්නා යන නගර දහය හා ඒවායේ ගම්මාන.
58හල්හූල්, බෙත්-සූර්, ගෙදෝර්, 59මාරාත්, බෙත්-අනෝත් සහ එල්තෙකොන් යන නගර හය හා ඒවායේ ගම්මාන.
60කිරියත්-බාල් හෙවත් කිරියත්-යෙයාරීම් සහ රබ්බා යන නගර දෙක හා ඒවායේ ගම්මාන.
61පාළුකරයේ
බෙත්-අරාබා, මිද්දීන්, සෙකාකා, 62නිබ්ෂාන්, ලවණ පුරය සහ ඒන්-ගෙදී නගර හය හා ඒවායේ ගම්මාන.
63යෙරුසලම් වාසීන් වූ යෙබූසිවරුන් පන්නා දමන්නට යූදා ජනයාට නො හැකි විය. එබැවින් අද දක්වා යෙබූසිවරු, යූදා ජනයා සමඟ යෙරුසලමේ වාසය කරති.
Currently Selected:
යෝෂුවා 15: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.