යෝබ් 8
8
බිල්දද්ගේ පළමු කතාව
1එකල ෂූහීය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය:
2“තව කොතෙක් දුරට ඔබ ඔවැනි කතා කියනවා ද?
ඔබේ වචන සද්දෙන් හමන සුළඟක් වගේ.
3දෙවියන්වහන්සේ යුක්තිය පෙරළන සේක් ද?
සර්ව පරාක්‍රමයාණෝ සත්‍යය පෙරළන සේක් ද?
4ඔබේ දරුවන් උන්වහන්සේට එරෙහිව පව් කළ විට,
ඔවුන්ගේ පාපයේ දඬුවමට උන්වහන්සේ ඔවුන් බාර දුන් සේක.
5එහෙත් ඔබ දෙවියන්වහන්සේගේ පිහිට සොයා,
සර්ව පරාක්‍රමයාණන්ට දයාව ඉල්ලා කන්නලව් කරන්නේ නම්,
6ඔබ පවිත්‍ර නම්, අවංක නම්,
උන්වහන්සේ දැන් වුව ඔබ වෙනුවෙන් නැගිට,
ඔබට නිසි තැනට යළි ඔබ පත් කරනු ඇත.
7ඔබගේ පටන් ගැන්ම සුළු වුව ද,
ඔබගේ අනාගතය බොහෝ සඵල ව තිබෙනු ඇත.
8“පෙර සිටි පරම්පරාවලින් විමසා,
ඔවුන්ගේ පියවරුන් දැන උගත් දෑ කල්පනාවට ගන්න.
9මන්ද ඊයෙ-පෙරේදා උපන්නවුන් වන අප දන්නා දෙයක් නැත;
මිහි පිට අපගේ ජීවිත දවස් ද සෙවණැල්ලක් පමණි.
10ඔවුන් ඔබට උපදෙස් නො දී නො කියා හිඳීවි ද?
තමන්ගේ දැනුවත්කමේ වචන ඔබට ගෙන හැර නො දක්වාවි ද?
11වගුරු බිමක මිස පන් ගස් වැඩේ ද?
ජලය නැති තැන්වල බට පඳුරු වැවේ ද?
12ඒවා මෝරා වැඩෙන අතරේ කපා දැමුවේ නැති වුව ද
අන් කවර පැළෑටියකට වඩා ඉක්මනින් මැලවී යයි.
13දෙවියන්වහන්සේ අමතක කරන සියල්ලන්ගේ ඉරණම එය ම වෙයි.
දේව අභක්තිකයින්ගේ බලාපොරොත්තුව එලෙස ම සුන් වෙයි.
14ඔහු විශ්වාසය තබන්නේ වහා බිඳෙන සුළු තැනක ය;
ඔහු රඳා සිටින්නේ මකුළු දැලක ය.
15ඔහු තම නිවසට හේත්තු වෙයි; එහෙත් එය කඩා වැටේ;
ඔහු එහි එල්ලෙන්නට හදයි; එහෙත් එය පවතින්නේ නැත.
16ඔහු හිරු එළියෙහි මනා ජල සැපයුමක් ඇති පැළයක් වැන්න;
උයන මුළුල්ලේ එහි දළු ලියැලේ.
17එය තම මුල් ගල් ගොඩ ඔස්සේ අද්දවමින්,
පර්වතය මතු පිට තමනට තැනක් සොයයි.
18එහෙත් එතැනින් එය උදුරා දැමුණු කල,
‘මා කවදාවත් නුඹ දැක නැතැ’ යි එතැන එයට කියන්නේ ය.
19සැබවින් ම, එහි ඇති වන ප්‍රීතිය නම් මේ ය;
ඒ බිමේ වෙනත් පැළෑටි හට ගැනේ.
20“සැබවින් ම, දෙවියන්වහන්සේ නිර්දෝෂී මිනිසකු ඉවත නො දමන සේක්;
දුෂ්ටකම් කරන්නකුගේ අත් බලවත් නො කරන සේක.
21උන්වහන්සේ තවමත් ඔබේ මුව සිනහවෙන් ද
ඔබේ තොල් ප්‍රීති ඝෝෂාවෙන් ද පුරවන සේක.
22ඔබගේ සතුරන් ලජ්ජාවෙන් හඳවනු ලබනු ඇත;
දුෂ්ටයින්ගේ කූඩාරම් අතුරුදහන් වනු ඇත.”
Currently Selected:
යෝබ් 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.