යෝබ් 35
35
1ඉන්පසු එලීහු මෙසේ ද පැවසී ය:
2“දෙවියන්වහන්සේ ඉදිරියෙහි මා නිර්දෝෂයැ” යි ඔබගේ කීම,
යුක්ති සහගත යයි ඔබ සිතනවා ද?
3“මොකක් ද මට ඇති වන සෙත;
පව් නො කිරීමෙන් මට අත්වන වාසිය මොකක් දැ?” යි
ඔබ වැඩිදුරටත් අසයි.
4“මා ඔබට පිළිතුරු දෙන්නම්;
ඔව්, ඔබටත්, ඔබ සමඟ සිටින ඔබගේ මිතුරන්ටත්.
5අහස් කුස දෙස නෙත් යොමා බලන්න;
ඔබට ඉතා ඉහළින් ඇති වලාකුළු නිරීක්ෂණ කරන්න.
6ඔබ පව් කළා වුව ද, උන්වහන්සේට එයින් වන බලපෑම කුමක් ද?
ඔබේ පාප බොහෝ වූවත්, එයින් උන්වහන්සේට කුමක් වේ ද?
7ඔබ ධර්මිෂ්ඨ වූවත්, උන්වහන්සේට ඔබ කුමක් දෙන්නේ ද?
නැතහොත් ඔබේ අතින් උන්වහන්සේට කුමක් ලැබෙන්නේ ද?
8ඔබේ දුෂ්ටකම බලපාන්නේ, ඔබ වැනි මනුෂ්‍යයකුට පමණි;
ඔබේ ධර්මිෂ්ඨකම, මනුෂ්‍ය පුත්‍රයකුට පමණි.
9“අපමණ පීඩා බරට මිනිස්සු කෑ මොර දෙති;
බලවතුන්ගේ හස්තයෙන් මිදෙන්නට ඔවුහු පිහිට ඉල්ලති.
10එහෙත් ‘මගේ මැවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේ,
රාත්රියේදී ගීත දෙන තැනැන්වහන්සේ,
11මිහි මත මෘගයින්ට වඩා අපට උගන්වන්නා වූ,
අහසේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවත් කරන්නා වූ තැනැන්වහන්සේ කොහේ දැ? යි කිසිවකු අසන්නේ නැත.’
12දුෂ්ට මිනිසුන්ගේ අහංකාරය නිසා, මිනිසුන් කෑ මොර දෙන කල,
උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙන්නේ නැත.
13ඇත්තෙන් ම ඔවුන්ගේ හිස් අයැදුමට දෙවියන්වහන්සේ සවන් නො දෙන සේක;
සර්ව පරාක්‍රමයාණෝ ඒ ගැන සැලකිල්ලක් නො දක්වන සේක.
14ඔබට දෙවියන්වහන්සේ පෙනෙන්නේ නැතැයි ඔබ පවසද්දී,
උන්වහන්සේ ඔබට කොපමණ අඩුවෙන් සවන් දෙනු ඇත් ද?
ඔබගේ නඩුව උන්වහන්සේ ඉදිරියේ බැවින්,
උන්වහන්සේ ගැන බලා සිටිය යුතු වේ,
15තවද උන්වහන්සේගේ කෝපය දඬුවම් පමුණුවන්නේ නැත;
දුෂ්ටකම ගැන උන්වහන්සේ නිකමටවත් සැලකීමක් දක්වන්නේ නැතැයි ඔබ කියයි.
16එබැවින් යෝබ් නිෂ්ඵල කතාවෙන් මුව විවර කර,
දැනගැන්මෙන් තොර ව වචන රාශියක් දොඩයි.”
Currently Selected:
යෝබ් 35: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: